Gossip

SPA එක ජයටම කරගෙන යන්න සප් එක දෙන්න හදපු, වෙන්නප්පුවේ පොලිස් ලොක්කාට ලැබුණු අපූරු මසාජ් එක

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක හිමිකාරිනියකගෙන් රුපියල් තිස්දහසක අල්ලසක් ලබාගන්නා අවස්ථාවේදීම අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ නිලධාරින් අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රදේශය භාර සහකාර ‍පොලිස් අධිකාරී දේශප්‍රිය බණ්ඩාර, මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රජින්ද්‍රා විජේසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

‍පොලිසියේ බාධාවකින් තොරව සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු කරදීම සඳහා යැයි පවසමින් සහකාර ‍පොලිස් අධිකාරිවරයා එම අල්ලස් මුදල ලබාගෙන ඇති බව අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා ​සඳහන් කර තිබෙනවා.

මෙම සහකාර ‍පොලිස් අධිකාරීවරයා ඇගෙන් මුලින්ම ඉල්ලා ඇත්තේ රුපියල් හතළිස් දහසක අල්ලසක් බවත්, පසුව එය තිස්දහස දක්වා අඩු වී තිබෙන බවත් ඔහු පවසා තිබෙනවා.

සහකාර ‍පොලිස් අධිකාරිවරයා ඊයේ පෙරවරු 9.30 ට පමණ මෙම අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ මීගමුව දිවුලපිටිය පාරේදීය. පුද්ගලික කැබ් රථයකින් පැමිණි සහකාර ‍පොලිස් අධිකාරිවරයා සිවිල් ඇඳුමෙන් සැරසී එම අල්ලස් මුදල ලබාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

එම සහකාර ‍පොලිස් අධිකාරීවරයා වෙන්නප්පුව මූලස්ථාන ‍පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන විට සහකාර ‍පොලිස් අධිකාරිවරයකු වශයෙන් උසස්වීම් ලැබූවකු බවට සඳහන් වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!