Gossip

හිටපු යුධ හමුදාපති නිසා ආණ්ඩුව දෙදරයි?

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය ඇමැති ධුරය ලබා දුනහොත් ඊට පසුවදාම ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමැති කණ්ඩායම විරුද්ධ පක්ෂයේ වාඩි වේවි යැයි ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

නීතිය හා සාමය අමාත්‍යධූරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දීම සඳහා පවතින යෝජනා සම්බන්ධයෙන් කළ විමසීමේදී ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කර තිබෙනවා.

සති දෙකකට ඇමැතිකම් දෙනවද කියලා අපෙන් බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. තවත් සමහරුන්ට මේවා ගැන අවබෝධයක් නැහැ. කටට එන ඒවා කියලා දානවා. ආණ්ඩුව වැරදි තීන්දු ගත්තොත් සිදුවෙන්නේ ජනතාව පාරට බහින එක යැයි සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියා.

මේ අතර ශ්‍රීලනිප ඇමැතිවරු කිහිප දෙනෙක්ම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යධුරය ලබාදීමට යෝජනා වීම ගැන ප්‍රසාදයක් නැති බව සඳහන් කළා.

ඒ අනුව ශ්‍රීලනිප ඇමැතිවරුන් නොබෝ දිනකින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී මේ බව දැනුම් දීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!