Gossip

දන ගහලා ආදරය ඉල්ලපු කෙනා ගැන සොනාලි කිව්ව කතාව

ආදරේ කියන දේ කොයි මොහොතක හරි ඇතිවෙන්න පුළුවන්. ඉතිං එහෙම කතාවක් සෙනාලි කාලයක් රහසක් විදියට තියන් ඉඳලා.

සොනාලි කියන්නේ ගොඩාක් ආදරණිය චරිතයක්ද ?
ඔව්. ආදරණිය චරිතයක්. ආදරය ලබන්න, ආදරය විදින්න, ආදරය දෙන්න වගේම ආදරය ආදරයෙන් බෙදාගන්න කැමති සුන්දර චරිතයක්.

ඒ ආදරණිය බව ඇතිවුණේ කොහොමද ?
ඒක ඇති වුණේ මගේ මවුපියන්ගෙන්. මගේ අම්මයි තාත්තයි මොනතරම් ආදරයෙන් ඉන්නවාද ? එකිනෙකා අතර තියෙන ආදරණිය බැඳීම ශක්තිය තමා මාව ආදරණිය චරිතයක් බවට පත් කරේ. ඒ විතරක් නෙවේ මගේ වටේ ඉන්න යහළු යෙහෙළියන් ලැබෙන ආදරය ඒ හැම බැඳීමක්ම ආදරයක් බවට පත්වීම සතුටක්.

ඉස්කෝලේ කළේ මුලින්ම ඔයාගේ ඇස් ලස්සනයි කිව්වේ කවුද ?
මම විශාකා විද්‍යාලයට තමයි මුලින්ම පාසැල් ගියේ. ඉතිං පිරිමි පාර්ශවය හම්බෙන්න තියෙන ඉඩකඩ අඩුයි. බෙහෙත් ගන්න ගිය වෙලාවක දොස්තර මගේ ඇස් ලස්සනයි හරි සුරතල් කියලා අපේ අම්මා එක්ක කියලා.

හැබැයි සෙනාලි ගොඩක් කතාකරන්නේ ඇස්වලින් නේද ?
ඔව්. ගොඩාක් මම හැඟීම් ප්‍රකාශ කරන්නේ ඇස්වලින් කියලා ගොඩක් අය කියනවා.

ආදරය කරද්දී ලස්සනයි කියලා කවුරුත් කියලා නැද්ද ?
මම තාම කාටවත් ආදරය කරලා නැහැ. මම විදේශගත වෙලා ඉද්දි පිරිමි ළමයි මට ලස්සනයි කිව්වා මොකද එයාලා අපේ පාටට කැමතියිනේ. ඒ දවස්වල මගේ කොන්ඩෙත් දිගට තිබ්බා.

තවම විදේශ රටක ඉද්දි එහෙම කවුරුත් ආදරේ ප්‍රකාශ කරලා නැද්ද ?
එහෙම අහන්නේ නැහැ. ඒ රටවල කොල්ලා කෙළින්ම කෙල්ලේගෙන් අහනවා එළියට යමුද කියලා.

එහෙනම් ඉතින් සුදු කොල්ලෙක් සෙනාලිගෙන් අහලා ඇති එහෙම ?
එයාගේ නම ජේන්. ජේන් මගෙන් කැමැත්ත අහලා තියෙනවා. මට එවෙලේ අදහාගන්න බැරි වුණා. අපි හැදිච්ච සංස්කෘතිය වෙනස්. මම, මගේ රටට ආගමට තවමත් ආදරෙයි. මම ඒ කොල්ලට හා කිව්වේ නැහැ. ගොඩක් පිරිමි ළමයි මගෙන් ආදරය ඉල්ලුවා. එත් මම කැමති වුණේ නැහැ.

එතකොට ජේන් සෙනාලිගේ ආදරය ඉල්ලගෙන වැඳ වැටුණා නේද ?
ඔව්. මගේ පන්තියේ පිරිමි ළමයෙක් පන්තිය ඉවරවෙලා යන්න ලැහැස්ති වෙද්දී ළමයි ඉස්සරහ. මට හිනා ගියා. මම බෑ කිව්වා. මට පන්තියේ ළමයි බලකලා හා කියන්න කියලා. පස්සේ ඉතිං ජේන් වෙන කෙල්ලෙක්ට ආදරය කළා.

ඔය අතරේ හිත ගිය අයත් ඉන්නවද ?
තවම එහෙම විශේෂ කෙනෙක් නැහැ. මම බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා පිරිමි ළමයෙක්ගෙන්. එත් කවුරුත් සියයට සියයක් සම්පූර්ණ නැහැනේ තවම මම පතපු කෙනෙක් හමුවෙලා නැහැ.

සෙනාලි ඇත්තටම කැමති කොයි වගේ කෙනෙක්ටද ?
මගේ මවුපියන්ට ආදරය කරන වැඩිහිටියන්ට සලකන මගේ පවුලට පුතෙක් මිස බෑණා කෙනෙක් නොවන. මට ආදරය කරන හැම දෙයක්ම තේරුම් අරගෙන දුක සැප බෙදාගෙන බොරුව මුළාව නැති අවංක කෙනෙක් ලැබෙනකම් මම තනිකඩව ඉන්නවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!