Gossip

ලංකාවේ ක්‍රිකට් ගැන ඉන්දියානු සුපිරි දඟ පන්දු යවන්නා කිව්ව සංවේදී කතාව මෙන්න

“ලංකාවේ ක්‍රිකට් පහළටම වැටිලා තියනවා බලන්නත් දුකයි.. වෙනදට ප්‍රෙක්ෂකයන් පිරිලා ඉන්න ක්‍රීඩංගණයේ අද ප්‍රෙක්ෂකයෙක් දැකගන්නත් අමාරුයි…” මෙහෙම කියලා තියෙන්නේ ඉන්දියානු කණ්ඩායමේ හිටපු සුපිරි දඟ පන්දු යවන්නෙක් වන හර්බජන් සිං.

පසුගියදා පැවති තරඟයේදී පිටියේ ප්‍රේක්ෂකයින් දැකගන්න නොලැබුණු එක ගැන තමයි ඔහු සිය ට්විටර් ගිණුම ඔස්සේ කියා තිබුණේ.

ඉන්දියානු කණ්ඩායමට එරෙහිව ලැබූ පරාජයෙන් පස්සේ 2019 ලෝක කුසලානයට නිතරගයෙන් සුදුසුකම් ලැබීමේ අවස්ථාවත් ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමි වුණා.ඒ විතරක් නෙමෙයි වෙනදට අතුරු සිදුරු නැතිව ප්‍රෙක්ෂකයන්ගෙන් පිරී ඉතිරී යන ප්‍රේමදාස පිටිය ඊයේ හිස් පුටු වලින් පිරිලා තිබුණා.

ලංකාවේ ක්‍රිකට්වලට අත්වෙලා තියන මේ අවාසනාවන්ත ඉරණම ගැන කණගාටු වෙන්නේ ලංකාවේ අපි විතරක් නෙමෙයි.ලංකාවට ආදරය කරන වෙනත් රටවල ක්‍රීඩා ලෝලීන් මෙන්ම ක්‍රීඩකයොද ඒ අතර ඉන්නවා කියන එක මේ ට්විටර් පණිවිඩය කදිම නිදසුනක්.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!