Gossip

අතුලගෙන් වෙන්වී සිටින අමායා තවත් ගායකයෙක් සමග පැටලිලාද?

අතුල අදිකාරිගේ දෙවැනි බිරිය වන අමායා අදිකාරී කියන්නේ මේ දවස්වල පුවත් මවන චරිතයක්. ඇය දවසින් දවස පුවත් පත් හමුවන් හා එක්වෙමින් ලබාදෙනු ලබන සම්මුඛ සාකච්ඡා කාගේත් කතාබහට ලක්වනවා. අමායා අතුලගේ දෙවැනි බිරිඳ වුවත්, ඇයත් ඔහුත් අදවනවිට වෙන්වෙලා. නීතියෙන් වෙන් නොවුනත්, දෙදෙනාම මේ වනවිට ගතින් වෙන්වෙලා. අමායා බොහෝ විට මේ වෙන්වීමට හේතුව අතුලගේ ඇතැම් හැසිරීම් බව එක හෙලාම පවසා සිටිනවා. ඒ වගේම අතුල කියන්නේ දරුවන් ලැබුණු පසු ඔවුන්ගේ වගකීම්වලින් පැනලා යන කෙනක්ලු…සමිතට කළ දේම අන්තිමේ අතුල තමන්ටත් කළ බව කියමින් අමායා පටන් ගත්තු ගොසිප් මැවිල්ල තවම ඉවරයක් පෙනෙන මානයකවත් නැහැ.. අමායා මසකට පමණ අධික කාලයක් තිස්සේ තමන්ට එල්ල කරන චෝදනා ගැන කියමින් අතුල මීට දින කිහිපයකට පෙර පවසා සිටියේ, තමන් සහ අමායා අතර සිදු වූ දේ හොඳින්ම දන්නේ අමායායි, තමයි බවත්, ඒ ගැන හෙළිකරමින් අමායාට මෙන් තමන්ට අනවශ්‍ය ජනප්‍රියත්වයක් ලබන්නට කිසිදු වුවමනාවක් නොමැති බවත්, අමායා මේ දිනවල මෙම සිදුවීම මාකට් කරමින් ජනප්‍රියතාව පසුපස දුවන බවයි.

කොහොමින් කොහොම හරි අමායා නම් පවසන්නේ, තමන් අතුලගෙන් වෙන්වූ දවසට තමන්ට පුංචි දියණියක් හිටියත් යළිත් විවාහයක් කරගන්නා බවයි. තමන් තවමත් තරුණියක බවත්, අනෙක් ගැහැණුන්ට මෙන් ආදරය, රැකවරණය තමන්ටත් අවශ්‍ය බවත්, යම් දවසක තම ජිවිතට ළං වන ඒ පිරිමි කෙනා ඇතුලට තමන් වෙනුවෙන් කරන්නට බැරිවුණු දේ කරන්නට හැකි වේවි යනුවෙන් ද අමායා පවසා තිබුණා.

මේ විදියට අමායා ඉඟි ඵල කරන්නේ අතුලගෙන් පස්සේ තමන්ගේ පෙම්වතා හෝ සැමියා වන කෙනා ගැන දැයි එක්තරා පුවත්පත් මාධ්‍යක් නම් ගම් ඇතුවම අමායාගෙන් අහපු පැනයට අමායා දුන්නේ මේ වගේ පිළිතුරක්.

අමායා අතුලගෙන් වෙන්වෙලා ආයේ විවාහ වෙනවද?
දික්කසාද වුණොත් මම විවාහ වේවි. හැබැයි ඒ කෙනා සල්ලිකාරයෙක් නෙවෙයි මනුස්සයෙක් වෙන්න ඕනේ. මට වගේම මගේ දුවට ආදරේ නොවුණොත් කවුරු වුණත් මම එළවනවා. අනික වේලාවෙන් වාසි ගන්න හිතාගෙන ළංවෙන කෙනෙක්ට මගෙන් සමාවක් නෑ… මම හරිම සැර කෙනෙක්. ප්‍රසිද්ධියේම කෙනෙකුගේ කම්මුලට ගහන්න වුණත් මට හයිය තියෙනවා.

අමායා ළංකර ගන්න ඒ කෙනා හර්ෂ ධනොෂ් ද?
හර්ෂ මට විශේෂයි. ගොඩාක් කිට්ටුයි. ඒත් අපි අතරේ තවම ආදරයක් නැහැ… හර්ෂ කියන්නේ පෙනුමට වඩා වෙනස් කෙනෙක්. හොඳ මනුස්සයෙක්.

හර්ෂ ගැන මට ආදරයක් හිතුණොත් එකේ වරදක් නැහැ… මොකද කෙනෙකුට හරියන්නේ ඒ වගේ කොල්ලෙක් තමයි. හර්ෂ ගැන මට ආදරයක් හිතුණොත් මම ඒක හංගන්නේ නැහැ… කොහොමත් මමත් හිතනවා හර්ෂ ධනොෂ් මට ගැලපෙයි කියලා අපි බලමු ඉස්සරහට වෙනසක් වෙයි..

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!