Gossip

පැටව් බිහි කිරීමට සර්පයෙක් යාපනය රෝහලටම එයි

පුද්ගලයෙකුට සර්පයෙකු දෂ්ඨ කිරීම නිසා එම සර්පයාද රෝහලට ගෙන ඒමෙන් පසුව අදාළ සර්පයා රෝහල තුලදී පැටව් බිහි කර තිබෙනවා.

මේ පුවත වාර්තා වෙන්නේ යාපනය රෝහලෙන්.

යාපනය කරෙයිනගර් ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකුට මෙම සර්පයා දෂ්ඨ කර තිබෙන අතර ප්‍ර දේශවාසීන් එකතුවී එම පුද්ගලයාද සමග සර්පයාද අල්ලාගෙන බෝතලයක දමාගෙන රෝහලට රැගෙන විත් තිබෙන බවයි එහි සේවකයෙකු සඳහන් කළේ.

මෙම සර්පයා පැටව් නව දෙනෙකු බිහි කර තිබෙන අතර ඒ පැටවුන් ජාතික සත්ත්ව උද්‍යානය වෙත භාරදීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබෙන බවටත් වාර්තා වනවා.

සර්පයා දෂ්ඨ කිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයා තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද සඳහන්.

 

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!