Gossip

ඊයේ තරගය ඉතිහාසගත වෙයි – කාසියේ වාසිය උරගා බලන්න රනිල් පිටියට

mmmmmgfxg

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟ මාලාවක් වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම ක්‍රීඩා කරන පෙරහුරු තරඟයක් සංවිධාන කළ පළමු අවස්ථාව විදියට ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු අගමැතිගේ කණ්ඩායම අතර ඊයේ (15) පැවති තරඟය ඉතිහාසයට එක්වනවා.

එම තරඟයට පෙර පැවති විශේෂ භෝජන සංග්‍රහයේදී ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාත් එහෙම කියලා තියෙනවා.

මෙහෙම පෙරහුරු තරගයක් සංවිධානය කළ පළමු අවස්ථාවේදීම ශ්‍රී ලංකාව වෙත ලබාදුන්නේ දෙරටේ මිත්‍රත්වය නිරූපණය කරන්න කියලයි මැල්කම් ටර්න්බුල් අගමැතිවරයා කිවුවේ.

තරඟයේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාවට අග්‍රාමාත්‍යවරු දෙදෙනාම සහභාගී වෙලා වගේම කාසියේ වාසිය උරගා බැලීමටත් ශ්‍රී ලංකාවේ කාසියක් උපයෝගී කර ගෙන තිබුණා.

මේ තරගය බලන්න අගමැතිවරු දෙන්නම හිටියා.

මේ ගැන රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කිවුවේ මේ තරඟයෙන් දෙරට අතර ඇති සමානකම් අතර ක්‍රිකට් උන්මාදය මුල්තැනක් ගන්නවා වගේම දෙරටේ මිත්‍රත්වය තහවුරු කිරීමට ක්‍රිකට් ක්‍රීඩාව උපයෝගී කරගන්න පුළුවන් කියලයි.

ඒ වගේම තමයි ඊයේ පැවති පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාව හිමිකර ගත්තා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!