Gossip

පළමු හයේ පහර ගැසූ ලංකාවේ ඉන්ටර්නැෂනල් මහත්මයා – මඩුගල්ලේ

රන්ජන් මඩුගල්ලේ කියන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා සියලු ක්‍රිකට්ලෝලීන් ගේ ගෞරවාදරයට පාත්‍ර වූ චරිතයක්.

1982 පෙබරවාරි 17 වැනිදා ශ්‍රී ලංකාව පළමු ටෙස්ට් තරඟයට එක්වන විට අපේ අංක 5 ක්‍රීඩකයා ලෙස පිටියට පිවිසියේ මොහුයි.

එදා තරඟයේ පළමු ඉනිමේ දී රන්ජන් මඩුගල්ලේ ලකුණු 65 ක් රැස්කළා. එය ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ටෙස්ට් තරඟයක දී අර්ධ ශතකයක් රැස් කළ දෙවන අවස්ථාව වනවා. එහි පළමු අවස්ථාව වන්නේ එම ඉනිමේදීම අර්ජුන රණතුංග ලකුණු 54 ක් ලබා ගැනීමයි.

එහිදී රන්ජන් මඩුගල්ල හා අර්ජුන රණතුංග අතර 5 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 99 ක සබඳතාවක් ගොඩනැගුණා. තව එක ලකුණක් එක් වුණා නම්, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු ශතක සම්බන්ධතාවේ පාර්ශවකරුවෙක් වීමට මඩුගල්ලේට එදා අවස්ථාව තිබ්බා.

එදා පළමු ටෙස්ට් තරඟයේ දී රන්ජන් මඩුගල්ලේ ලකුණු 65 ක් ලබා ගත්තා. ඊට 4 පහර 3 ක් සහ එක් දැවැන්ත 6 පහරක් ඇතුළත් වුණා. ටෙස්ට් ක්‍රිකට් තරඟයක් ශ්‍රී ලංකා පිතිකරුවකු එල්ල කරන ලද පළමු හයේ පහර ලෙසින් වාර්තා පොත් අතරට එක්වනනේ මඩුගල්ලේ ගැසූ මෙම හයේ පහරයි.

මහනුවර ත්‍රිත්ව හා කොළඹ රාජකීය විද්‍යාලවල ආදි සිසුවෙක් වන රන්ජන් මඩුගල්ලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ දෙකක ද නායකත්වය දැරුවා.

1988 වසරේ දී මඩුගල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නා. ඒ වන විට මඩුගල්ලේ ටෙස්ට් තරඟ 21 ක් හා එක්දින තරඟ 63 ක් ක්‍රීඩා කොට තිබුණා. ඒ වෙනකොට ඔහුගේ වසය අවුරුදු 29 ක්.

1993 වසරේ දී ක්‍රිකට් ක්‍රීඩකයාගේ චරිතයෙන් ඔබ්බට ගිය මඩුගල්ලේ තරඟ තීරකවරයෙකු ලෙසින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරඟ තීරකයෙක වරම් ලබාගත් පළමුවැන්නා වන්නේ ද මඩුගල්ලේ.

අද වන විට ටෙස්ට් තරඟ 175 ක්, එක්දින තරග 304 ක් සහ ජාත්‍යන්තර විස්සයි 20 තරඟ 85 ක තරඟ තීරකවරයා වශයෙන් රන්ජන් මඩුගල්ලේ කටයුතු කර තිබෙනවා.

වර්තමානයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරඟ තීරකවරුන්ගේ මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ ද ඔහුයි.  ක්‍රිකට්ලොලීන් සියලු දෙනා අතර වැදගත් මහත්මයෙකු ලෙසයි රන්ජන් මඩුගල්ලේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.

කවුරු විශ්වාස නොකළත් මඩුගල්ලේට අද වන කොට වසය අවුරුදු 58 ක්. ඒත තවමත් කොල්ලා වගේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!