Gossip

සිඳූ ටෙලි සිත්තමේ පුංචි සුබෝධ හාමුදුරුවෝ ලෙස රඟපාන “අභිමාන්” ගැන අම්මා කියන කතාව – Photos

ලංකාවේ අංක එකේ ටෙලි නාට්‍ය වන සිඳූ ටෙලි නාට්‍යයේ පුංචි සෝරත හාමුදුරුවෝ මේ දවස්වල ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය චරිතයක්.
සෝරත හාමුදුරුවන්ගේ තනි නොතනියට මෙච්චර කාලයක් හිටියේ සරණ කියන පූසා විතරයි.
දැන් ඔන්න තවත් චරිතයක් මේ නාට්‍යයට එකතු වෙලා. ඒ තමයි සුබෝධ කියන පුංචි හාමුදුරුවෝ.
පහුගිය දවස් කිහිපයට සුබෝධ පුංචි හාමුදුරුවොත් හැමෝගේම අවධානයට යොමු වෙලා.
මේ සුබෝධ හාමුදුරුවන්ගෙ චරිතය රඟපාන පුංචි පුතා ගැන තොරතුරු ටිකක්.
ඔහු නමින් අභිමාන් ප්‍රවීන් මධුසංඛ ප්‍රනාන්දු.
අභිමාන් ඉපදුනේ 2012.06.21 දා. කටුකෙන්ද බඩල්ගම පදිංචි වෙලා ඉන්න මේ පුංචි පුතා දැන් බඩල්ගම සරණංකර කණිෂ්ඨ විදුහ‍ලේ 1 වසරේ අධ්‍යාපනය ලබනවා.

මුලින්ම අපි කැමතියි අභිමාන්ගේ පවු‍ලේ තොරතුරු දැන ගන්න?
අපි අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නේ අභිමාන්ගේ අම්මා ක්‍රිස්ටා. අභිමාන්ගේ තාත්තා (සුගත්) වේදිකාවට සම්බන්ධයි. ලොකු දුව (කසුනි) හඬ කැවීම් ශිල්පිනියක්.
දෙවැනි පුතා සුසාන් නම් සංගීතයට තමා දක්ෂ. පවු‍ලේ බාලයා අභිමාන්. එයා වැටි වැටී නැගිටින කා‍ලේ ඉඳන් ටී.වී. එකේ යන දෙවල් කරලා පෙන්නනවා. පුතා කලාවට ගොඩක් ආසයි.

කොහොමද අභිමාන්ට සිඳු ටෙලි නාට්‍යයට එකතු වෙන්න අවස්ථාව ලැබුණේ?
මේ පිරිසට පුංචි ළමයෙක් හොයනවා කියලා ආරංචිය ලැබුණාම අපිත් පුතාව ඒ සම්මුඛ පරික්ෂණයට ඉදිරිපත් කළා.
ළමයි කිහිප දෙනෙක් හිටියා. වට කිහිපයකින්ම සම්මුඛ පරීක්ෂණය තියලා අන්තිමට පුතාව තමයි තෝරා ගත්තේ.
මේ තමයි අභිමාන්ගේ කුළුඳුල් රංගනය හා හා පුරා කැමරාව ඉස්සරහදී එයාට රඟපාන්න ලැබිලා තියෙන්නේ හීං බබා සීයා කතන්දරයක් කියලා දෙන විට අහගන ඉන්න දර්ශනයක්. පුතා ටිකක් දඟයි. ඉස්සරලාම ෂුටිං ගිය දවසේදී ලෙකු කලබලයකුත් ඇති කළා.

අභිමාන්ගේ අම්මා එහෙම කියලා මහ හයියෙන් හිනාවෙලා පුංචි පුතා දර්ශන තලයේදී කරපු කලබලය ගැන මෙන්න මෙහෙම කිව්වා.
නිෂ්පාදන කණ්ඩායමේ අය හරිම හොඳයි. ‍පොඩි අයට හරි ආදරෙයි. එදා මුරුක්කු පැකට් දෙකක් ගෙනල්ලා සෝරත හාමුදුරුවන්ගේ චරිතය රඟපාන පුතාටයි අපේ පුතාටයි දුන්නා. පුතා පැකට් එක දිගහැරලා මුරුක්කුවක් කන්න පටන් ගත්තා. ඊළඟ දර්ශනය පුතාගේ. එයා මුරුක්කු පැකට් එක පැත්තකින් තියලා රඟපාන්න ගියා. ඔය අතරේ එතන හිටපු කෙනෙක් අර පැකට් එකෙන් මුරුක්කු ටිකක් අරගෙන කෑවා.
ඊට පස්සේ තව කෙනෙක් කෑවා. ඔය විදියට ටිකක් වෙලා යද්දී කට්ටිය හොරෙන්ම මුරුක්කු පැකට් එක කාලා. මුරුක්කු පැකට් එකම හිස් වෙලා.
ඒක දැකලා පුතා බිම පෙරළි පෙරළීී කෑ ගහලා මහ කලබලයක් ඇති කළා. ආයේ මුරුක්කු පැකට් එකක් ගෙනල්ලා දුන්නම තමයි පුතාගේ කලබ‍ලේ නතර වුණේ.

අභිමාන්ගේ ජීවිතයට සමීපම කෙනාවන එයාගේ අක්කා. කසුනි තමයි මල්ලි ඉපදුනු වේලාවේ එයාට ‘අභිමාන්’ කියලා නම දාලා තියෙන්නේ.
මල්ලි හරි දඟයි. සමහර වෙලාවට තාත්තා වගේ අපිට අවවාද දෙනවා. දවසක් මම ගමනක් ගිහින් ඇවිත් ලොකු කතාවක. ඔය වේලාවේ ළඟට ඇවිල්ලා කියනවා ”ගමනක් ගිහින් ආවනං කතාව නවත්තලා ඇඳුම් මාරු කරලා වොෂ් එකක් දාගෙන එන්න කියලා.

මල්ලිගේ දඟ වැඩ සිහිපත් කරලා අක්කා හිනා වුණා. ඒ වගේම අභිමාන් ගැන තවත් ලස්සන කතා ටිකක් ඇය අපිට කිව්වා. රංජා කියන චිත්‍රපටය බලලා ආපු දා ඉඳන් මල්ලි කියන්නේ එයා රංජා කියලා රංජන් රාමනායකගේ ඇක්ෂන් දානවා.
සිඳූ ටෙලි නාට්‍යය පටන් ගන්නකොට මල්ලිට අවුරුදු තුනයි ටෙලි නාට්‍යය විකාශය වෙද්දී සෝරත හාමුදුරුවෝ පෙන්නලා අර ඉන්නේ මම කියලා කියනවා.

එක දවසක් කසුනි අභිමාන්ගෙන් ඇහුවලු ලොකු වුණාම කවුරු වෙන්නද කැමති කියලා ඒ වේලාවේ අභිමාන් දීපු උත්තරේ මොකක්ද දන්නවාද?
මල්ලි කියනවා ලොකු වුණාම තාත්තා කෙනෙක් වෙන්න කැමතියි කියලා.

බෞද්ධ හිමි නමකගේ චරිතය රඟපාන අභිමාන් කතෝලික ආගමේ. පාස‍ලේ විදුහල්පතිතුමාගෙන් ලැබෙන සහයෝගයටත් මේ වේලාවේ ස්තූති කරන්න අභිමාන්ගේ අම්මයි තාත්තයි අමතක කළේ නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!