Gossip

“අවුරුදු 40ක් තිස්සේ මාව නොදැකපු අය අද මට කෝල් කරනවා.ඇත්තටම මගේ මහත්තයා තමයි මේකට අයදුම්පත් දාමු කියලා කිව්වේ.” – ශිරානි ආරියරත්න

ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහාම වෙන්වුණු රියැලටි උත්තමාචාරය Dilog ප්‍රශංසා Derana 60 Plus අවසන් මහා තරඟයට මේ වන විට සියලු කටයුතු සූදානමින් පවතින අතර එය මැයි මස 12 වනදා අතිඋත්කර්ෂවත් අයුරින් බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රෙය්දී පැවැත්වෙනවා.
එය එදින රාත්‍රී 7.30 සිට ටී.වී දෙරණ හා එක්වන ඔබට සජීවීව දැකබලාගන්න පුළුවන්.
තරඟකරුවන් 18,000කට අධික පිරිසක් අතරින් තරගකරුවන් 05 දෙනෙකු අවසන් වට සඳහා තේරීපත්වූ අතර ඒ අතරින් තරගකරුවන් 03 දෙනෙකු අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවා.
මෙහි අවසන් තරගකරුවන් පස්දෙනාට තේරීපත්වූ අය අතරට ශිරානි ආරියරත්න මහත්මියට එක්වන්නට හැකියාව ලැබුණු අතර ඇය කියා සිටියේ අවසන් තරගකරුවන් තිදෙනා අතරට ඒමට නොහැකිවුණත් මේ තරගය ඇයගේ සංගීත ජීවිතයට නව දොරටු විවර කළ බවයි.
ඉතින් ඇය ඇගේ විස්තර ගැන අපට කිව්වේ මේ විදියට.

පවුලේ විස්තර කොහොමද?
මගේ සැමියා ජී. ඩබ්. ආරියරත්න. ඔහු විශ්‍රාමලත් බන්ධනාගාර අධිකාරිවරයෙක්. මට නිවුන් දියණියන් සහ පුතෙක් ඉන්නවා.

රැකියාවක් කළාද?
ඔව් මම අවුරුදු 19 හමාරක් කොළඹ සුපිරි හෝටලයක ආහාර ඇණවුම් අංශයේ රැකියාවක් කළා.

ගායනය කියන්නේ පවුල් පසුබිමෙන්ම ආපු දෙයක්ද?
ඔව් මගේ අම්මාටයි තාත්තටයි සංගීතය පුළුවන් දෙන්නෙක්. එයාලට සංගීත භාණ්ඩ වාදනයත් පුළුවන්. මට සහෝදරියන් පස් දෙනෙක් සහ සහෝදරයෙක් ඉන්නවා. ඒ අයටත් හොඳට සංගීතය කියන දේ පිහිටලා තියෙනවා. මාත් පුංචි කාළේ ඉඳන්ම ගායනයට ආසයි.

Dilog ප්‍රශංසා Derana 60 Plus වලට ආවේ කොහොමද?
ඇත්තටම මගේ මහත්තයා තමයි මේකට අයදුම්පත් දාමු කියලා කිව්වේ. ඊටපස්සේ ඔහුමයි අයදුම්පත් යොමු කළෙත්. ඇත්තටම මේ තරගයට ඔහුගේ සහ පොඩි දුවගේ සහයෝගය නිසා අවසන් තරගකරුවන් පස්දෙනා අතරට එන්න පුළුවන් වුණා. මගේ අනෙක් දියණිය සහ පුතා විදේශගතවෙලා ඉන්නේ. ඔවුනුත් මාව ගොඩක් දිරිමත් කළා.

විනෝදාංශය?
පොත් කියවීම තමයි

පාසල් ගියේ?
කොළඹ බිෂොප් විද්‍යාලයට සහ මඩකලපුව සෙන් ජෝසප් විද්‍යාලවලට ගියේ.

ඔබ ඔබව හඳුන්වන්නේ කොහොමද?
මම ආගමානුකූල ජීවිතයක් ගත කරන බොහොම විනෝදයෙන් ජීවත් වන කෙනෙක්.

Dilog ප්‍රශංසා Derana 60 Plus නිසා ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම තියෙනවා. අවුරුදු 40ක් තිස්සේ මාව නොදැකපු අය අද මට කෝල් කරනවා. පරණ යාළුවෝ කතා කරනවා. මග තොටේදී වුණත් මාව දැන් හැමෝම හඳුනනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!