Gossip

“මංගල උත්සවයක මම sounds කරන්න ගියාම තමයි එයාව හමුවුණේ. Dilog ප්‍රශංසා Derana 60 Plusවලට අයදුම්පත් යොමු කරමු කියලා අදහස ගෙනාවේ මගේ බිරිඳ.” – ජයතිලක විතානආරච්චි

ලංකාවේ රියලැටි කලාවේ අලුත් වෙනසක් ඇති කරපු රියලටි තරගයක් තමයි Dilog ප්‍රශංසා Derana 60 Plus කියලා කියන්නේ.
මෙම තරගයේ පළමු අදියර පසුගිය වසරේ සාර්ථකව නිමා වූ අතර එහි දෙවන අදියර නිමාවීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි.
ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහාම වෙන්වුණු මෙම රියැලටි තරඟයේ අවසන් තරගය මේ මස 12 වනදා අතිඋත්කර්ෂවත් අයුරින් බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රෙය්දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා තරඟකරුවන් තිදෙනෙකු තරග වදිනු ඇති.
තරඟකරුවන් 18,000කට අධික පිරිසක් අතරින් අවසන් තිදෙනා අතරට තේරී පත්වීමට ජයතිලක විතානආරච්චි මහතාටද හැකියාව ලැබුණා. ඔහු මේ තරගයට පැමිණියේ වැලිවේරිය ප්‍රදේශයෙන්. මේ ඔහු සමග කළ කතාබහක්.

කොහොමද මේ දවස්වල තොරතුරු?
මේ දවස්වල සතුටින් ජීවිතේ ගෙවනවා

පවුලේ විස්තර කිව්වොත්?
මමයි බිරිඳයි විතරයි මගේ පවුලේ ඉන්නේ. බිරිඳ මේරියන්ස් ඩයස්. මගේ බිරිඳ මාව බලාගන්නේ පොඩි දරුවෙක්ව බලාගන්නවා වගේ

මෙච්චර ආදරය කරන බිරිඳ කොහොමද හමුවුණේ?
මම කීපදෙනෙකුට කියලා තිබ්බේ මට හොඳ කෙනෙක් හොයන්න කියලා. විවාහ මංගල උත්සවයක මම sounds කරන්න ගියාම තමයි එයාව හමුවුණේ.
එයාගේ මල්ලි කෙනෙක්ට ඇහිලා මම හොඳ කෙනෙක් හොයනවා කියලා. ඊට පස්සේ ඒ මල්ලි තමයි තමයි මම ගැන එයාට කියලා තියෙන්නේ. එයත් මං ගැන හොයලා තිබ්බා. ඊට පස්සේ මං කේන්දර බලවන්න ගියාම කේන්දරත් හොඳට ගැලපෙනවා. මං මල්ලි හම්බෙලා කේන්දරේ ගැලපෙනවා කිව්වාම එයා කිව්වා කල් අරින්න ඕන නෑ අනිද්දාම විවාහය කරමු කියලා. ඉතින් මාත් මගේ යාළුවෝ නෑදෑයෝ කිහිප දෙනෙක් එකතුකරන් පොඩියට විවාහ උත්සවය ගත්තා.

පාසල ගැන මතක් කළොත්?
මං පාසල් තුනකට ගියා. රුවන්වැල්ල රාජකීය ප්‍රාථමික විද්‍යාලය, පනාවල මහා විද්‍යාලය සහ ඇතුළුගම මායාදුන්න මහා විද්‍යාලය තමයි මගේ පාසල් වුණේ.

කැමතිම ගායකයා?
මිල්ටන් මල්ලවආරච්චි

Dilog ප්‍රශංසා Derana 60 Plus ගමන් මග කොහොමද?
Dilog ප්‍රශංසා Derana 60 Plus වලට අයදුම්පත් යොමු කරමු කියලා අදහස ගෙනාවේ මගේ බිරිඳ. ඊට පස්සේ ඇයම තමයි අයදුම්පත යොමු කළෙත්. දැන් අවසන් තුන්දෙනා අතරට තේරී පත්වෙලා අවසාන මහා තරගයට සුදුසුකම් ලබලා තියෙනවා. ඒ ගැන තියෙන්නේ මට ඉහළ සතුටක් සහ නිහතමානී ආඩම්බරයක්. ඒ වගේම තමයි දැන් හැමතැනින්නම ඉහළ ප්‍රතිචාර ගලා එනවා. මේ හැමදේම හම්බුණේ දෙරණ 60 Plus නිසා තමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!