Gossip

“ත්‍රස්තවාදී කලබල දවස්වල අම්පාරට මාරුවීමක් දුන්නම මම රැකියාවෙන් අයින් වුණා. මගේ පොඩි දුව තමයි Dilog ප්‍රශංසා Derana 60 Plus තරඟයට අයදුම්පත දැම්මේ”

ශ්‍රී ලාංකික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහාම වෙන්වුණු රියැලටි උත්තමාචාරය Dilog ප්‍රශංසා Derana 60 Plus අවසන් මහා තරඟයට මේ වන විට සියලු කටයුතු සූදානමින් පවතිනවා. ඒ අනුව එය මැයි මස 12 වනදා අතිඋත්කර්ෂවත් අයුරින් බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රෙය්දී පැවැත්වීමට නියමිතයි.
තරඟකරුවන් 18,000කට අධික පිරිසක් අතරින් තරගකරුවන් 05 දෙනෙකු අවසන් වට සඳහා තේරීපත්වූ අතර ඒ අතරින් තරගකරුවන් 03 දෙනෙකු අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබුවා.
මෙහිදී අවසන් තරගකරුවන් පස්දෙනාට තේරීපත්වුණේ ජයතිලක විතානආරච්චි, ක්ලැරිස් ලින්ඩ්සේ, රෙක්සි මැක්සිමස්, ශිරානි ආරියරත්න සහ අරුණ පෙරේරා යි.

ඉතින් මේවන විට අවසන් මහා තරඟයට තේරී පත්වී සිටින තිදෙනාගෙන් එක් අයෙක් වන්නේ රෙක්සි මැක්සිමස්. රෙක්සි මේ තරඟයට ඉදිරිපත් වුණේ බිංගිරිය ප්‍රදේශයෙන්. ඉතින් සිය අපූරු ගායන හැකියාවෙන් Dilog ප්‍රශංසා Derana 60 Plus වේදිකාව හැඩ කරන රෙක්සි අපිත් එක්ක කතාබහක නිරතවුණා.

කොහොමද මේ දවස්වල ජීවිතේ?
මේ දවස්වල Dilog ප්‍රශංසා Derana 60 Plus අවසන් මහා තරඟයට පෙර පුහුණුවීම් සිදු කරමින් ඉන්නවා.

පවුල් පසුබිම ගැන කතාකළොත්?
මගේ බිරිඳ දමයන්ති ඇය ගෘහණියක්. මට දුවලා දෙන්නෙක් සහ පුතෙක් ඉන්නවා. ලොකු දුව යුද හමුදාවේ හෙදියක් වශයෙන් සේවය කරනවා. පුතා විශ්ව විද්‍යාලයේ උපාධිය ඉවර කරලා පෞද්ගලික අංශයක රැකියාවක් කරනවා.

ඔබ ඉගෙන ගත්තේ?
බිංගිරිය මධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි මම ඉගෙනුම ලැබුවේ. ඒ පාසලේ විවිධ උත්සවවලදීත් මම ගීත ගායනා කළා.

රැකියාවක් කළාද?
ඔව් මං පිඟන් සංස්ථාවේ ආරක්ෂක අංශයේ සේවය කළා. එහෙත් ත්‍රස්තවාදී කලබල දවස්වල අම්පාරට මාරුවීමක් දුන්නම මම රැකියාවෙන් අයින් වුණා. අයින් වෙලා ලොතරැයි විකුණුවා, මේසන් වැඩ කළා. ඒ අතරතුර පලංචියෙන් වැටිලා ඔත්පල වෙලා මාසයක් විතර එක්තැන් වෙලා හිටියා.

කොහොමද ඉතින් දරුවන්ටත් හොඳට උගන්වලා ජීවිතේ ජයගත්තේ?
හොඳ මිතුරන් මට ලොකු අත්වැලක් වුණා. ඉතාලියේ මගේ හොඳ යහළුවන් දෙන්නෙක් ඉන්නවා. ළමයින්ට ඉගෙන ගන්න පොත් පවා අරන් දුන්නේ ඔවුන්. දුෂ්කරතා මැද වුණත් දරුවන්ට හොඳට ඉගැන්නුවා. මගේ එකම අරමුණ වුනේ ඒ තුන්දෙනාට උගන්වන එක. ඒ අයත් හොඳට ඉගෙන ගත්තා.

කොහොමද Dilog ප්‍රශංසා Derana 60 Plus එන්නේ?
මගේ පොඩි දුව තමයි මේකට අයදුම්පත් දාමු කියලා කිව්වේ. එයාමයි අයදුම්පත දෙරණට යොමු කළෙත්. ඊට පස්සේ තරඟයෙන් තරඟයට මම හොඳට සූදානම් වෙලා සහභාගී වුණා. තරගයේ කොයි වෙලාවක අයින් වුණත් සතුටින් භාරගන්න මම ලෑස්ති වෙලයි සහභාගී වුණේ.

දෙරණ Dilog ප්‍රශංසා Derana 60 Plus ගැන මොකද හිතන්නේ?
ඇත්තටම අපේ වයසේ අයට ඕන ආදරය සහ සෙනෙහස කියන කාරණා අපිට මේකෙන් හම්බුණා. අපි හැමෝම සහෝදරත්වයෙන් සුහදශීලීව ආශ්‍රය කළා. ඒ වගේම දෙරණ දෙරණ 60 Plus නිසා අපිට ලොකු ප්‍රසිද්ධියක්, කීර්ථියක් හම්බුණා කියලත් කියන්නම ඕන.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!