Gossip

“ව්‍යාපාරයක් කළා. ඒවා ජූලි කලබල දවස්වල විනාශ වෙලා ගියා.” – අරුණ පෙරේරා

Dilog ප්‍රශංසා Derana 60 Plus අවසන් මහා තරඟයට මේ වන විට සියලු කටයුතු සූදානමින් පවතිනවා.
මැයි මස 12 වනදා අතිඋත්කර්ෂවත් අයුරින් බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිත මෙම අවසන් මහා තරගය රාත්‍රී 7.30 සිට ටී.වී දෙරණ හා එක්වන ඔබට සජීවීව දැකබලාගන්න පුළුවන්.
තරඟකරුවන් 18,000කට අධික පිරිසක් අතරින් තරගවට 10ක් පවත්වා අවසන් තරගකරුවන් 05 දෙනෙකු තෝරාගත් අතර එම තරගකරුවන් 05 දෙනා අතරින් තවත් තිදෙනෙක් තෝරා පත් කර ගත්තා.
මෙහි අවසන් තරගකරුවන් පස්දෙනාට තේරීපත්වූ තරගකරුවෙක් තමයි අරුණ පෙරේරා කියලා කියන්නේ. ඔහු කඩවත ප්‍රදේශයෙන් මේ තරගය සඳහා පැමිණි දක්ෂ තරගකරුවෙක්.
ඉතින් මෙලෙස අවසන් තරගකරුවන් පස් දෙනා දක්වා පැමිණි ගමන් මග සහ ඔහුගේ තොරතුරු අපිට කිව්වේ මේ විදියට.

ඔබේ පවුලේ විස්තර ගැන මතක් කළොත්?
මගේ බිරිඳ අනුලා රෝහිණී ජයකොඩි. මට දියණියන් තිදෙනෙක් සහ පුතෙක් ඉන්නවා.

පාසලෙන් ලැබුණු සංගීත පසුබිම කොහොමද?
කැළණිය ශ්‍රී ධර්මාලෝක මධ්‍ය මහා විද්‍යාලයෙන් තමයි මම අධ්‍යාපනය ලැබු‍වේ. මගේ පළවෙනි ගුරුවරයා වුණේ මර්වින් පෙරේරායි. පාසල් යන කාලේ ඉඳන්ම මම සංගීත තරගවලට සහභාගී වුණා. ඒ වගෙන් මම ජයග්‍රහණයන් පවා ලැබුවා. පළවන ස්ථානයන් ලැබුවා.

අතීතය ගැන මතක් කළොත්?
මම රජරට සේවයේ සරළ ගී ගායකයෙක් විදියට කටයුතු කළා. පොඩි ව්‍යාපාරයක් කළා. ඒවා ජූලි කලබල දවස්වල විනාස වෙලා ගියා.

Dilog ප්‍රශංසා Derana 60 Plus ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම මේ තරගයට මාත් අයදුම්පත් දානවා කියලා හිතුවා. ගෙදර අය තමයි ඊට පස්සේ අයදුම්පත යොමු කළේ. ඇත්තටම තරඟ වටයෙන් වටය ඉදිරියට යනකොට තරගකරුවන් පසුකරගෙන ඉදිරියට එද්දි මට ආස හිතුනා. ඒ වගේම මේ තරගය නිසා මම ලොකු ප්‍රසිද්ධියක් ලැබුවා. රට රටවල්වලින් පවා මට කතා කරලා කිව්වා මගේ කටහඩ හොඳයි කියලා.

මොනවාද ඉදිරි බලාපොරොත්තු?
මට දැන් සංගීත කණ්ඩායමක් තියෙනවා. ඒ වගේම තමයි මම මේ තරගයෙන් නැවතුණු තැන ඉඳන් මගේ ගමන මම වේගවත්ව යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අලුතෙන් ගීතයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!