Gossip

“මම කොටට අඳින්න බය නැහැ. හොරෙන් කරන කොච්චර දේවල් තියෙනවද.? මානසික ලෙඩ්ඩු වගේ කොටට ඇන්දත් වැරදි පේනවා”

ෂෙරිල් ඩෙකර් කියන්නේ නර්ථනයට වගේම රංගනයක් දක්ෂතා දක්වන කවුරුත් ආදරය කරන නිළියක්.
කාලයක් නිහඬ වෙලා හිටිය ෂෙරිල් ඩෙකර්ගේ අලුත්ම තොරතුරුයි මේ.

මොකද ෂෙරිල් කාලයක් නිහඬව හිටියේ.?
මම ඉතිං නිහඬව ඉන්න චරිතයක්නේ.
මම රංගනයට දායක වුණේ තෝරගෙන.
ජීවිතේ කියන්නේ සල්ලිම නෙවෙයිනේ. ඒ නිසා හොඳ පිටපතක් ලැබුණොත් තමයි මම බාරගන්නේ. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් ලොකු කාලයක් වුණත් තාම නාට්‍ය පහකට වගෙයි දායකවෙලා තියෙන්නේ.

ඒ කියන්නේ මේ වෙද්දි ෂෙරිල් සල්ලි හොයලා විතරයි.
සල්ලි කියන දේ ජීවිතේට ඕනේ.
ඒත් අවශ්‍ය ප්‍රමාණයට සල්ලි තිබුණම ඇති. දුක් විඳගෙන මනුස්සකම අමතක කරලා සල්ලි හොයන්න මට උවමනාවක් නැහැ.

වැඩිය දකින්න නැති වෙනකොට රසිකයින්ට ඔබව අමතක වෙයි කියලා හිතෙන්නේ නැද්ද?
නැහැ.. ඉස්සර වගේම අදටත් මට රසික ආදරය තියෙනවා. මාව දකින්නේ නෑ කියලා ඒ අයට මාව අමතක වෙන්නේ නැහැ.

රුවන්ගේ වාරණවලටත් යටත් වෙනවා ඇති?
කවදාවත් රුවන් මට කලාවෙදි වාරණ දාන්නේ නැහැ.

මියුසික් වීඩියෝවකට අඩනිරුවත් වෙන්න හෝ අසැබි දර්ශනයකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණොත් සම්බන්ධ වෙනවද?
එහෙම නිර්මාණ බිහිවෙනවා. ඒ නිර්මාණ වල ඉන්න නිළියන්ට බණින එක වැරදියි. ඒ අයට හොද නිසානේ සම්බන්ධ වෙන්නේ.ඒක රගපෑමක් විතරයි. අනික පිටරටවල්වල යන නිර්මාණ ඕන තරම් තියෙන්නේ.අපේ රටේ සංස්කෘතිය කියලා සමහර අය හොරෙන් කරන දේවල් කොච්චර තියෙනවාද. සමහර මිනිස්සු මානසික ලෙඩ්ඩු වගේ කොටට ඇන්දත් වැරදි පේනවා.මම මගේ රටට ගොඩක් ආදරෙයි. ඒත් සමහර මිනිස්සු හරි මෝඩයි. ඒගැන මම ලජ්ජා වෙනවා. මම නම් කොටට අදින්න බය වෙන්නේ නැහැ. ඒ වගේ නිර්මාණයක් ලැබුණොත් හොද නම් වෙනසක් තියෙනවා නම් මම හිතලා බලලා තීරණයක් ගන්නවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!