Gossip

නැන්දම්මාගේ සිරුරේ එල්ලුණු මංජුලා වෙඩි වරුසාවක් මැද අවසන් සුසුම් හෙළයි

මියගොස් ඇත්තේ කොට්ටාව රුක්මලේ බාලිකා නිවාස පාරේ අංක 170/1 නිවසේ පදිංචිව සිටි එගොඩ වතුකාරගේ මංජුලා සඳුනි අබේවික්‍රම නමැති 41 හැවිරිදි දෙදරු මවක් ඊයේ රාත්‍රියේ කළ වෙඩි තැබීමක් නිසා මියගොස් තිබෙනවා.

නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මෙලෙස මියගොස් තිබෙන්නේ පුද්ගල ඝාතන සිද්ධියකට රක්ෂිත බන්ධනාගාර ගතවී සිටි කාන්තාවක්.

අතුරුගිරිය මංසන්ධියේ පවත්වාගෙන ගිය රූපලාවන්‍ය ආයතනය තුළ පසුගිය ජනවාරි 17 දින සවස කිසියම් රූපලාවන්‍ය කටයුත්තක් කර ගැනීමට පැමිණි සිටි පාතාලයට සම්බන්ධ යැයි පැවසෙන අතුරුගිරිය මොරටුවාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි ටනිල් බණ්ඩාර නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධව ආධාර අනුබල දීමේ චෝදනාව මත ඇය රක්ෂිත බන්ධනාගාරගතව සිට තිබෙනවා.

පසුව ඇප මත නිදහස ලබා එළියට පැමිණ මරණ භීතියෙන් නොයෙක් ස්ථානයන්හී සැඟවී සිට ඇති අතර මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ දින එනම් ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් හමුවේ විභාග වෙමින් තිබූ මුදල් ආරවුල් සම්බන්ධ නඩු දෙකකින්ම නිදහස් වී තිබෙනවා.

මෙසේ නඩුව අවසාන වී තම දරුවන් සහ සැමියා සිටි කොට්ටාවේ නිවසට පැමිණ රාත්‍රිය ගත කරන අවස්ථාවේ රාත්‍රී 8.40ට පමණ යතුරු පැදියකින් පැමිණ සම්පූර්ණයෙන්ම මුහුණු සහ සිරුරු ආවරණ කරගත් දෙදෙනෙක් විසින් මෙලෙස වෙඩි තබා ඇයව ඝාතනය කර තිබෙනවා.

වෙඩි තබන අවස්ථාවේ මියගිය මංජුලා දිවගොස් තම නැන්දම්මාගේ සිරුරේ එල්ලී ඇති අතර එහිදී තැබූ වෙඩිල්ලක් වැදී ඇය බිම පතිත වී ඇති අතර වෙඩි ප්‍රහාර 14ක් පමණ තබා ඇති බවත් පොලීසිය පැවසුවා.

මේවනවිට ඇගේ මළසිරුර කොට්ටාව නිවසේ තබා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!