Gossip

ගජමුතු තොගයකුත් එක්ක දළ පූට්ටුවා මැරූ නරුමයන් කොටුවෙයි

ගල්ගමුව දළ පූට්ටුවා නම් ඇතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය සදහන් කර ඇත්තේ විවිධ ප්‍රදේශවල රැඳී සිටියදී මොවුන්ව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් 05 දෙනාම සියඹලාව, මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

දළ පූට්ටුවා ඝාතනය කිරීම සඳහා යොදාගත් ගිනි අවියද මේ වන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම අත්අඩංගුවට ගත් පුද්ගලයන් සතුව තිබී දළ පූට්ටුවාගේ බවට සැක කෙරෙන තවත් ගජ මුතුද හමුවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවද පොලිසිය සඳහන් කර තිබෙනවා.

නිකවැරටි කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් හා අඹන්පොළ පොලිස් ස්ථානයේ නිළධාරීන් කණ්ඩායමක් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!