Gossip

මාධ්‍යවේදිනී ශාමිනීට මල පැනලා ෆේස්බුක් හරහා සුද්ධ සිංහලෙන් නෙළයි

ශාමිනී සේරසිංහ කියන්නේ අපේ රටේ දක්ෂ ජනප්‍රිය මාධ්‍යවේදිනියක්. ඉතින් ඇය ඇගේ ෆේස්බුක් ගිණුම හරහා යොමු කර ඇති සටහනක් මේ වෙද්දි ඉතාමත් ආන්දෝලනයට ලක්ව තිබෙනවා. ඇය සමාජජාල මාධ්‍යයන්වල යොමු කරන කාරණා සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් යොදන ප්‍රතිඋත්තර හේතුවෙන් ඇය මෙලෙස ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් යොදා තිබෙනවා. මේ එම සටහනේ සංස්කරණය කරන ලද සිංහල පරිවර්ථනයයි.

තමන්ගේ වැඩක් බලාගන්න බැරි මහින්ද රාජපක්ෂ බයියන්ට මේවා අදාල නැති වුණත් ඔවුන්ට තියෙන ප්‍රශ්න වලට මගේ උත්තර තමයි පහළින් තියෙන්නේ.

ඔව්, මම වලව්වේ හාමු කෙනෙක්. මොකද මම ගාල්ලේ පැරණිම, ධනවත්ම ඉඩම් හිමි, ‘ඩයස් නාගහවත්ත’ කියන පවුලෙන් පැවතෙන්නේ. මගේ අම්මා ‘තලගොඩපිටිය’ කියන උඩරට රදල පවුලක කෙනෙක්. ශිෂ්ටත්වයක් නැති බයියන්ට වැඩි විස්තර දැනගන්න ඕන නම්, මහින්ද රාජපක්ෂ ගෙන් අහන්න. මොකද ඔහුගේ පවුල අපේ පවුල පරම්පරා ගණනාවක් තිස්සේ දන්න නිසා.

දැනගන්න, බයියලා නැවතත් මගේ තාත්තාගේ නමට අගෞරවයක් කළොත්, මම මගේ වලව්වේ හාමු තත්ත්වය පැත්තකට දාලා ඔවුන්ගේ විදියට ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. ඒක අමතක කරන්න එපා!

මට පරම්පරාවෙන් උරුම වෙලා තිබුන වික්ලොව් හිල්ස් තේ වතුයායත්, ගාල්ලේ වඳුරඹ තිබුණ කර්මාන්ත ශාලාවත් නැති වෙලා තියෙනවා. ඒවා ගංගොඩවිල පොඩි හාමුදුරුවෝ කියන ව්‍යාජ ව්‍යාපාරික හාමුදුරුවෝ මට අයිති වෙලා තිබුන ඉඩම් මගේවත් මේ තාත්තගේවත් අවසරයකින් තොරව සතයක්වත් නොගෙවා අයිති කරගෙන තියෙනවා.

මට සිංහල හොඳට හසුරුවන්න බැහැ, මොකද මට පොඩි කාලෙ ඉදන් ඇහුණේ ඉංග්‍රීසි භාෂාව. මගේ දෙමව්පියන් කතාබහ කළෙත් ඉංග්‍රීසියෙන්. ඒ නිසා මගේ මව් භාෂාව විදියට මම සලකන්නේ ඉංග්‍රීසි. මගේ රැකියාවටත් ඉංග්‍රීසි භාෂාව ලොකු පිටුවහලක් වුණා. ඒ නිසා මට ඉංග්‍රීසි භාෂාව හොඳින් හසුරුවන්න පුලුවන් කියන එක ගැන මම කාගෙන්වත් සමාව ගන්න වුවමනා නැහැ.

මම NGO එකක කවදාවත් වැඩ කරල නැහැ. මම රැකියාව කරල තියෙන්නෙ රජයේ ආයතන වල පමණයි. රූපවාහිනිය, SLBC, SCOPP. ඒ, මට වුවමනා වුණා නිසා, නැතුව මට ඒ ආයතන වල වැඩ කරන්නට සිදු වුණ නිසා නෙමෙයි.

ඔව්, අර්ජුන මහේන්ද්‍රන්, අජිත් නිවාඩ් කබ්රාල්, ඔහුගේ සහෝදරයා වූ රනිල් විඡේසිංහ, ආචාර්ය පරාක්‍රම දිසානායක සහ අසිත තල්වත්ත යන අය අවුරුදු 30කටත් වඩා මගේ යහලුවන්. ඔවුන් මම රූපවාහිනියේ දී මෙහෙයවපු “Business Matters” කියන ව්‍යාපාරික වැඩසටහනට මුදලක් අය නොකර, තමන්ගේ කාලය වැය කරලා දායකත්වය ලබා දුන්න උගත් ආරාධිතයින්.

මම අර්ජුන මහේන්ද්‍රන්ට වැඩ කරලත් නෑ, එයා මට වැඩ කරලත් නෑ. මම අර්ජුනව මහත්මයෙක් විදියට සලකනවා වගේම එයා මගේ හොඳ යහලුවෙක් කියල මම කියන්නේ ආඩම්බරයෙන්.

මම බෞද්ධ දර්ශනය අනුගමනය කරන බෞද්ධයෙක්. මම බයියෝ වගේ සිංහල බෞද්ධාගම වගේ ව්‍යාජ, වර්ගවාදී ආගමක් අදහන්නෙ නැහැ.

ඒ වගේම මගේ එකම ලේලිය යාපනයේ දෙමළ කාන්තාවක්. මම ඇය ගැන වගේම ඇගේ පවුල් උරුමය ගැනත් ආඩම්බර වෙනවා.

ඒ වගේම, මගේ රුධිර වර්ගය A+ !!!

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!