තරු හුට පට

නින්දෙන් දඟලපු නිසා දරුවා වඩාගෙන එළියට ගියා – කොණ්ඩයා කළ පාපො‍ච්චාරණය

20

සේයා සදෙව්මි දැරියට ලිංගික අතවර කර ඝාතනය කළ හැටි දුනේෂ් ප්‍රියශාන්ත නැමැති වනචාරි ජීවිතයක් ගත කළ කොණ්ඩයා රහස් පොලීසියට ඊයේ ප්‍රකාශ කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ තමන් රාත්‍රී කාලයේ නිවාසවලට එබී කාන්තාවන් නිදාගෙන සිටින ආකාරය බලා සතුටුවීමේ මානසික උන්මාදයකින් පෙළුණු බවයි. ඒ අනූව සේයාගේ නිවසේ තිබූ ජනේලයෙන් එබීකම් කර බැලීමේදී සේයාගේ මව හා දරුවන් තිදෙනා නිදා සිටිනු දුටු බව ඔහු පවසා තිබෙනවා. ඉන් පසු ජනේලයෙන් නිවසට රිංගා ගැනීමට සිතුණත් පසුව නිවසේ ඉදිරිපසට යාමේදී ප්‍රධාන දොර ඇර‍ තිබෙන අයුරු දැක එම දොරටුවෙන්ම ‍ගෙට ගිය බව සැකකරු පවසා තිබෙනවා.

ඉන් පසු තමන් සේයා නිදා සිටි කාමරයට ගොස් ඇයගේ යට ඇඳුම ගලවා මෙට්ටේ අස්සේ ගසා එම ස්ථානයේදීම දැරියට අතවර කිරීමට ගිය බව කියා තිබෙනවා. එහිදී දැරිය අම්මේ අම්මේ යැයි කියමින් දැඟලීමට පටන් ගත් නිසා දරුවාගේ කටතද කර වඩාගෙන නිවසේ ඉදිරිපස දොරටුවෙන්ම කැලයට රැගෙන ගොස් අතවර කර මරා දැමූ බව පවසා තිබෙනවා.

නිවසෙන් පිටතට රැගෙන යන මගදී දරුවා යළිත් ඇහැරී කෑ ගැසීම නිසා දැරිය ඇඳ සිටි බැනියම ගලවා බෙල්ලට දමා තද කළ බවත්, එවිට දැරිය කෑ නොගැසූ බවත්, ඔහු පවසා තිබෙනවා. දරුවා ඒ වෙලාවේ මැරෙන්නට ඇතැයි සැක කළ බවත්, අතවර කිරීමෙන් පසුවද යළිත් එම පටිය තද කර කැලයට දමා සහෝදරියගේ නිවසට නොගොස් ගම්පහ ගෙදරට ගිය බවත්, ඔහු පවසා තිබෙනවා.

එසේම පසුවදා උදේ සේයාගේ අතුරුදන්වීම සොයන්නට ගත් අවස්ථාවේදී අයියා “උඹ මොකද බයවෙලා” කියා මගෙන් අහන්න ගත් බවත්, එවිට දරුවා දූෂණය කර විසිකර ඇලට දමා ආවේ මම බවත්, කාටවත් හරි කිවුවොත් උඹ මරනවා කියා අයියාට තර්ජනය කර එම ගමෙන් පිටවී කැලෑවැදී තැන් තැන්වල ජිවත් වූ බවත් සැකකරු පවසා තිබෙනවා.

සැකකරු රහස් පොලිසිය හමුවේ වැඩිදුරටත් මෙසේද පාපොච්චාරණය කර ඇතැයි වාර්තා වේ.

“මම රෑ වෙලා අක්කලාගේ ගෙදර යන්නයි ආවේ. ඒ වෙද්දී ඔය ගෙදර කාමරයේ ලයිට් දාලා තිබුණා. මම ජනේ‍ලේ ඇරලා බැලුවා. එතකොට ඔය ළමයයි එයාගේ සහෝදරයෝ දෙන්නයි අම්මයි එකට නිදාගෙන හිටියා. මම ජනේලෙන් පනින්න හැදුවත් මට බය හිතුණ හින්දා මම ගෙදර ඉස්සරහ පැත්තට ගියා. ගිහිල්ලා ඉස්සරහ දොර ඇරලද කියලා බැලුවා. ඒ වෙනකොට දොර ඇරලා තිබුණේ. මම ගේ ඇතුළෙන් කාමරේට ගියා. මම දොර ඇරගෙන ඇතුළට ගිහින් දරුවාගේ යට ඇඳුම ගලවා මෙට්‌ටේ අස්‌සේ ගසා අතවර කරන්න ලෑස්ති උනා.

ඒත් ළමයා නින්දෙන් දඟලපු නිසා මම ළමයාවත් වඩාගෙන එළියට ආවා. ගිහිල්ලා මඳ දුරක් එනකොට ළමයාට එකපාරටම ඇහැරුණා. එහෙම ඇහැරිලා දඟලන්න ගත්තා. දරුවා නැගිටියි කියලා බය වෙච්ච නිසා මම ළමයාගේ බෙල්ලට බැනියම දාලා තද කළා. ඊට පස්සේ ළමයා දැඟලුවේ නැහැ. මම හිතුවේ මැරුණා කියලා. එහෙම අරන් ගිහිල්ලා තමයි අතවර කළේ.

ඊට පස්සේ තමයි ආයෙත් බෙල්ල  තද කරලා මැරුවේ. දරුවා මරලා කැ‍ලේට දාලා අක්කලාගේ ගෙදර නොගිහින් ගම්පහ ගෙදර ගියා. පසු වැනිදා උදේ අපේ අයියා ඇහුවා “උඹ මොකද බය වෙලා කියලා. මම මුකුත් කිව්වේ නැහැ. අයියා මගෙන් කිහිප වතාවක්‌ අහනකොට මම කිව්වා දැරිය දූෂණය කරලා මරලා ඇළට දාලා ආවේ මමයි. මේ ගැන කාටහරි කිව්වොත් උඹවත් මරනවා” කියලා. එහෙම කියලා මම රෑට තැන් තැන්වල නිදාගත්තා.”

දුනේෂ් ප්‍රියශාන්ත නැමැති මෙම සැකකරු  සිය ජීවන රටාව ගැන ද රහස් පොලීසියට යම් යම් ප්‍රකාශ කර තිබේ. ඒ අතර තමන් මාළුවන් අමුවෙන් කන බවද එසේම  පුච්චාගෙන කන බවද කැලෑවල ගස් යට නිදාගන්නා බවද පවසා ඇතැයි වාර්තා වනවා.

කෙසේ හෝ සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මුලින්ම අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුගේ සහෝදරයා බව කියන සමන් නැමැත්තාය. ඔහුගෙන් දිගින් දිගටම පොලිසිය ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයේ සුලමුල හෙළි කරගැනීමටත් තැනින් තැනට කට්ටි පනිමින් සිටි මලයා   අත්අඩංගුවට ගැනීමටත් පොලිසියට හැකිව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!