තරු හුට පට

සේයා ඝාතක – වනචාරී දුනේෂ් පොළොවේ වළක් හාරලා නිදාගෙන!

police-jungle2

මුළු රටක් බලා සිටි සේයා සදෙව්මි දැරිය දූෂණය කර ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගැනීමේ පුවත මේවන විටත් ඔබ හොඳින්ම දන්නවා ඇත. එහෙත් මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමේ කතාව ඇතැම් විට ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු කියන කොණ්ඩයා එහෙම නැතිනම් දුනේෂ් ප්‍රියශාන්ත අත්අඩංගුවට ගත් හැටි අප වෙත වාර්තා වුණේ මෙහෙමයි.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුට අමතරව ඔහුගේ වැඩිමහල් සහෝදරයාත් රහස් පොලිසියේ අත්අඩංගුවට පත්වූ බව ඔබ දන්නවානේ.  මෙම සැකකරුවන් දෙදෙනා සොහොයුරන්. මේ දෙන්නාම සේයාගේ නිවසට ආසන්නයේ තිබුණ ඔවුන්ගේ සොයුරියකගේ නිවසක තාවකාලික පදිංචිකරුවන්. මොකද මේ දෙන්නාට ස්ථීර රැකියාවක් නෑ. කූලි වැඩක් කරලා තමයි ජීවත් වෙන්නේ.

ගම්පහ, බේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මේ දෙන්නා නිතරම සිය වැඩිමහල් සොහොයුරියගේ එහෙම නැතිනම් කොටදෙණියාව, බඩල්ගම ප‍්‍රදේශයේ නිවසට නිතර ආ ගිය බව කියවෙනවා. එම නිවස පිහිටා ඇත්තේ ඝාතනයට ලක්වූ සේයා දැරියගේ නිවසට යන පාර පසුකර යද්දියි. සේයා ඝාතනයෙන් පස්සේ මේ බාල සොයුරා අතුරුදන්ව තිබෙනවා. ඊට පස්සේ තමයි වැඩිමල්  සොහොයුරා කියන සමන්ගෙන් පොලිසිය ප‍්‍රශ්න කිරීම් ආරම්භ කරන්නේ. කොහොම කොහොම හරි මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන 32 හැවිරිදි බාල සොයුරු දුනේෂ් ප‍්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා ඊයේ ගම්පහ  බදුවතුගොඩ ප‍්‍රදේශයේදී සුසාන භූමියක මල් පඳුරක් ළඟ සැඟව සිටියදී පොලිසියට කොටුවෙන්නේ වනචාරීයෙකු ලෙස හැසිරෙමින් සිටියදීය.

මෙම සැකකරු සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු ලබාදී ඇත්තේ කොටදෙණියාව ප‍්‍රදේශයේ පුද්ගලයෙක්. ඔහු පවසා ඇත්තේ දුනේෂුත් ඔහුගේ වැඩිමහල් සොහොයුරාත් ගංජා පානය කිරීම සඳහා පැමිණෙන බවත්, ඔවුන් සේයාගේ මළ සිරුර හමු වූ වෙල්යායේ නිතර සැරිසරන බවත්ය. එහෙත් මෙම සිද්ධියෙන් පසුව මොහු අතුරුදන් වෙලා කියලයි. ඉන් අනතුරුව සැකකරු නැවතී සිටි බව කියන සොහොයුරිය පදිංචි නිවසට පොලිසියෙන් මීට දින පහකට පෙර ගොස් තිබෙනවා.  එහි ගිය පොලිස් නිලධාරීන්ට නිවැසියන් පවසා ඇත්තේ මොහු අම්මාගේ නිවසට ගොස් ඇති බවයි. එනම් ඒ ගම්පහ, බෙම්මුල්ල ප‍්‍රදේශයටයි.

පසුව පොලිස් නිලධාරීන් බෙම්මුල්ල ප‍්‍රදේශයේ නිවසට ගොස් ඇති අතර එහි දී දුනේෂ්ගේ මව පවසා ඇත්තේ මීට දින දෙකකට පෙර ඔහු නිවසින් බැහැරට ගිය බවයි. එහෙත් දැනගන්නට ඇති පරිදි එවිට සැකකරු නිවසේ සිට පිටුපසින්  පලාගොස් බදුවතුගොඩ ප‍්‍රදේශයේ පිහිටි වෙල්යායක සැඟවිලා. එම ‍ වෙල්යායේ සෑම තැනක්ම පරීක්ෂා කළත් සැකකරු හොයාගන්න බැරිවෙලා තියෙනවා.පසුව පොලිස් නිලධාරීන්ට සැකකරුගේ බවට සැක කරන දුරකථන අංකයක් හමුවෙලා තියෙනවා. එම දුරකථන අංකය ජාල පරීක්ෂාවකට ලක් කිරීමේ දී සැකකරු තවමත් අදාළ කැලෑවේ සැඟවී ඉන්නවා කියලා හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ඊයේ (23) දිනයේ රහස් පොලිසියත් බුද්ධි අංශයත් බස්නාහිර උතුරු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීනුත් ගම්වාසීනුත් එක්ව කැලෑව පරීක්ෂා කරලා තියෙනවා. ඒ වෙලාවේ සැකකරු සරත් අයියාගේ වත්ත නමැති ප‍්‍රදේශයට පැන දුවන බව එක් අයෙකු දැක තිබෙනවා.  ඒ අලූයම 5.30ට පමණ. ඒ අනුව සියලූ දෙනාම ඔහු පසුපස පන්නා තියෙනවා. එසේ ලූහුබැඳීමේ දී සැකකරු සැඟව සිටි ස්ථානය ද හමුවෙලා. එතැන කුඩා වළක්. ඒ තුළ පුවක් අතු දමා නිදාගන්න පුළුවන් විදියට හදාගෙන තිබිලා. එතැන තිබිලා හිස් බිස්කට් පැකට් කිහිපයක් අනෝදා ගෙඩියක් ද පොලිසියට හමුවෙලා තියෙනවා. පසුව තවත් ඉදිරියට යාමේ දී ඔහු සිටි තවත් තැනක් හමුවී ඇති අතර ඔහු රාත‍්‍රියේ පොරවනු ලැබූ රෙද්දක් සහ දුරකථනයක් ද හමුවෙලා තියෙනවා.

අනතුරුව ප‍්‍රදේශය පුරා ආරක්ෂාව තරකරලා ඔහු ඉන්න ප‍්‍රදේශය වටකර තියෙනවා. ඒ වෙලාවේ තමයි සැකකරු කැලෙන් පැනලා ළඟ තිබුණ සුසාන භූමියට ඇතුළු වෙලා තියෙන්නේ. පස්සේ සියලු දෙනාම සුසාන භූමිය වටකරලා තියෙනවා. ඒ වෙලාවේ සුසාන භූමියේ පිටුපස තිබුණු මල් පඳුරක් යට සැඟව සිටි මෙම සැකකරු පොලිසිය අත්අඩංගුවට ගන්නවා.

ඉන් පසුව තමයි සැකකරු ගෝනියකින් වහලා  ඩිපෙන්ඩර් රථයකින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ සවසම ගෙනැවිත් ඇත්තේ.කුඩා දැරියන් දැරියන් පැහැරගෙන ගොස් අතවර කිරීම මින් පෙරද මොහු විසින් සිදු කර ඇති බවත්, මිය ගිය තරුණියකගේ සිරුර ගොඩගෙන දූෂණය කිරීමේ විකෘති ක‍්‍රියාකාරකමක්ද පසුගිය කාලයේ මේ අයියා මලෝ දෙන්නා නිරතව ඇති බවත්, පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

ඉතින් මොවුන් දෙන්නා ඉතාම පහත් පෙළේ වැඩ කරමින් අධම ජීවිත ගත කරන අය කියලයි පොලිසිය හෙළිකරගෙන ඇත්තේ. ඉතින් සේයා පැහැරගෙන ඇය ඝාතනය කිරීමට අදාළව මේවන විටත් රහස් පොලිසිය සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් තිබෙනවා.

1 Comment

1 Comment

  1. fortunaglobal

    September 24, 2015 at 8:54 am

    what ???

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!