තරු හුට පට

පුතාට වුණ අසාධාරණයට නඩුදානවා – අසැබි දසුන් තිබ්බාටත් නඩුදාන්න පුළුවන්

10

සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන්  තම පුතණුවන්ට අසාධාරණයක් වූ නිසා එයට එරෙහිව ඉදිරියේදී නඩු පවරන බව සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි සැකකරුගේ මව පවසනවා. මෙම ඝාතනය සම්බන්ධයෙන් මුලදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර  17 හැවිරිදි පාසල් සිසුවෙකු හා එක්දරු පියා එම දෙදෙනාය.

කෙසේ වෙතත් සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු සිසුවාගේ මව පවසන්නේ දරුවාගේ කීර්තිනාමයට සිදුවූ හානියට වන්දියක් ගෙවිය යුතු බවයි. එසේම තමන් මෙම සිද්ධියෙන් දරුවාට සිදුවූ අගතියට එරෙහිව උසාවිය යන බවද කියනවා.

මේ අතර  සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් මුලදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ පරිගණකයේ අසභ්‍ය දර්ශන තිබීම නිසා ද ඔහුට එරෙහිව නඩු පැවරිය හැකි බව පොලීසිය පවසනවා. සදෙව්මි දැරියගේ ඡායා රූපයක්ද එම පරිගණකයේ තිබී හමුව ඇති බවත්, අසැබි වීඩියෝ දර්ශන 300ක් පමණ එහි අඩංගු බවත්, පොලීසිය පවසා තිබෙනවා.

ඒ,1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනත යටතේය.

එම වරද පහත පරිදි විස්තර කර ඇත.

286 (අ) අසභ්‍ය ඡායාරූප, වීඩියෝපට, මුද්‍රිත ප්‍රකාශන සඳහා ළමයෙකු කුලියට ගැනීම හෝ සේවයේ යොදා ගැනීම ඒ සඳහා පොළඹවා ගැනීම, බලකිරීම හෝ එවැනි ඡායාරූපයක්‌ හෝ චිත්‍රපටයක්‌ බෙදාහැරීම, විකිණීම හා සන්තකයේ තබා ගැනීම වරදකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!