Gossip

ව්‍යසන අස්සේ මේ වගේ දේවල් අහන්න වෙන එකටත් පුදුම හිතෙයි – ලිංගික බෝනික්කන් යොදාගෙන පවත්වාගෙන යන ගණිකා නිවාසයක් විවෘත වෙයි

ලිංගික ඕනෑ එපාකම් සඳහා “ලිංගික බෝනික්කන්” යනුවෙන් හැඳින්වෙන කාන්තා ආකෘති යොදා ගැනීමේ උන්මාදයක් මේ වන විට යුරෝපය පුරා ශීඝ්‍රයෙන් පැතිර යනවා. එහි අලුත්ම සිදුවීම වාර්තා වන්නේ ජර්මනියෙන්. ගණිකා වෘත්තිය නීතිගත එරට පසුගියදා ලිංගික බෝනික්කන් පමණක් යොදාගෙන පවත්වාගෙන යන ප්‍රථම ගණිකා නිවාසය විවෘත වුණා. 29 හැවිරිදි එව්ලින් ශ්වාර්ස් නම් කාන්තාවක් විසින් එරට ඩෝර්ට්මන්ඩ් නගරයේ විවෘත කළ මේ අපූරු ගණිකා නිවාසය හඳුන්වන්නේ “බෝර්ඩෝල්” නමිනුයි.

එව්ලින් විසින් මේ සඳහා සිලිකන්වලින් නිම වන ලද “ලව් ඩෝල්ස්” ආකෘති 11ක් යොදාගෙන ඇති අතර ඒ හැම එකකටම ඇය නමක් දී තිබෙනවා. ආසියාවෙන් ගෙන්වා ඇති මේ එක් ලිංගික බෝනික්කෙක් වෙනුවෙන් ඇය වැය කොට ඇති මුදල යුරෝ 2000ක් (රුපියල් 3,20,000ක් පමණ) වෙනවා.

මෙම බෝනික්කන් විවිධ උස ප්‍රමාණවලින් විවිධ පපු ප්‍රමාණවලින් හා විවිධ වර්ණවලින් යුත් කේශ කලාපවලින් යුක්තයි. මේ බෝනික්කන් පාරිභෝගිකයෝ අතර ක්‍රමක්‍රමයෙන් ජනප්‍රිය වෙමින් පවතින අතර මේ වන විට දිනකට පාරිභෝගිකයන් 20ක් පමණ එම බෝනික්කන්ගේ පහස පතා පැමිණෙන බව එව්ලින් පවසනවා. ඒ වෙනුවෙන් පැයක් සඳහා ගෙවිය යුතු මුදල යුරෝ 80ක්. (රුපියල් 12,800ක් පමණ) වෙනවා.

විවිධ වයස්වල, විවිධ තරාතිරම්වල පුද්ගලයන් තම ගණිකා නිවාසය වෙත පැමිණෙන බව එව්ලින් සඳහන් කරන අතර මේ අතරින් 70%ක් පමණ නැවත නැවතත් එහි එන බව පවසනවා.

මේ දක්වා එව්ලින්ට තම ව්‍යාපාරික ස්ථානයේදී මුහුණදීමට සිදුව ඇත්තේ එක් අමිහිරි අත්දැකීමකට පමණයි. ඒ බෝනික්කන් අතර ජනප්‍රියම බෝනික්කා වූ “අෑන්”ව එක් පාරිභෝගිකයකු විසින් කඩා බිඳ දැමීම හේතුවෙනි.

ලිංගික සේවා කර්මාන්තය පිළිබඳ කරන ලද අධ්‍යයනයකදී ලිංගික බෝනික්කන් කෙරෙහි කැමැත්තක් දක්වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන බව හෙළි වී තිබෙනවා. මේ පිළිබඳව තම අදහස් දැක්වූ ඔස්ටි්‍රයානු මනෝ වෛද්‍ය විශේෂඥයකු වන ගර්ටි සෙන්ගර් සඳහන් කළේ ඇතැම් පිරිමි සැබෑ ගැහැනියක සමඟ යහන්ගත වීමට වඩා බෝනික්කෙක් සමඟ යහන් ගතවීමට වැඩි ප්‍රියතාවක් දක්වන බවයි. ඊට හේතුව ලෙස ඇය දක්වන්නේ බෝනික්කන් සමඟ තමන්ට රිසිසේ හැසිරීමට ඉඩ ලැබෙන බැවින් එසේ ඔවුන් කැමැත්තක් දක්වන බවයි. මේ අයුරින් ඔස්ටි්‍රයාවේ විවෘතව ඇති “කොන්ටැක්හොෆ්” නම් ගණිකා නිවාසයෙන් “ෆැනී” නම් ලිංගික බෝනික්කා සැබෑ ගණිකාවකට වඩා පාරිභෝගිකයන්ගේ ආකර්ෂණයක් ලද බව ඇය සඳහන් කරනවා.

වතාවක් ලින්ස් නගරයේ “ආර්ස් ඉලෙක්ට්‍රොනික්” නව නිපැයුම් ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කොට තිබූ “සමන්තා” නම් ලිංගික බෝනික්කා කෙතරම් නරඹන්නන්ගේ ආකර්ෂණයට ලක්වී ඇත්දැයි පැවසුවහොත් ඔවුන් එය මිරිකා දැමීමට පෙලැඹීම නිසා පැය කිහිපයකින් එය විනාශයට පත්ව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!