තරු හුට පට

වෙළේ සුදා එක්ක හිටියේ අපි නෙවෙයි (වීඩියෝ)

වෙලේ සුදා සමග සබඳතා පැවති බවට තමන්ට එල්ල වී ඇති චෝදනා සම්පූර්ණයෙන් අසත්‍යය බව සේමිණි ඉද්දමල්ගොඩ සහ ලෝචනා ඉමාෂි යන රංගන ශිල්පිණියන් පවසයි.

අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් එම පිරිස මේ බව සඳහන් කරන ලදී.

එහිදී අදහස් දක්වමින් රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය පැවසූවේ තමන් එලෙස වැරැද්දක් කළා කියා ඇඟිල්ල දික්කළ හැක්කේ එය සාක්ෂි ඇතුව ඔප්පු කළ හැකිනම් පමණක් විය යුතු බවයි.

“ හොඳට ජීවත්වන, ලස්සනට ඉන්න නිළියන් ලංකාවේ ඉන්නවා. ඒ ගරුත්වය නැතිවෙලා යනවා මෙවැනි සිද්ධීන් නිසා.මේ මඩ ප්‍රචාරය එළියට දාපු පුද්ගලයා සැරින් සැරේට එක එක්කෙනාගෙන් සමාව ගනිමින් සිටිනවා. එකෙන්ම තේරෙනවා ඒ මනුස්සයා ඒ ගැන නිසි ලෙස නොදැන තමයි මේ ගැන ප්‍රචාරය කරලා තියෙන්නේ. කාගේ හරි කියමනක් අනුව මිනිස්සුන්ව නොමග යවනවා. මේක කරලා තියෙන්නේ මධුශංක ගනේගොඩ කියලා එක්කෙනෙක්.

මම ඒ මනුස්සයාගේ නම කියන්නවත් කැමති නෑ. මොකද එයා කැමති ප්‍රසිද්ධ වෙන්නයි. මම හිතන්නේ එයා මානසික රෝගියෙක්. ඒකනේ සැරින් සැරේට සමාව ඉල්ලන්නේ.

පසුගිය දවස්වල ගණිකා නිවාස වලින් නිළියන් අත්අඩංගුවට ගත්තා කියලා කතා යනවා. හැබැයි අපි දන්න විදියට මේ අහුවෙලා තියෙන කිසිදු අයෙක් ප්‍රසිද්ධ නිළියන්  නෙවෙයි. ඇත්තටම එතන නිළියන් හිටියේ නෑ. නිළියන් කියලා වචනය රස කැවිල්ලක් විදියට ඇතැම් මාධ්‍ය භාවිතා කරනවා මේ වගේ දේවල් වලදී.

අවසානයේ එතන නිළියන් ඉඳලා නෑ. මේක අපේ ජීවිත වලට බලපානවා. මොකද අපි යානවාහන, ගෙවල් දොරවල් අරගෙන තියෙන්නේ කිසිම නරක දෙයක් කරලා නෙවෙයි. මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා උපයාගත්ත මුදලින් තමයි ඒවා කරලා තියෙන්නේ. “

එම මාධ්‍ය හමුවේදී රංගන ශිල්පිනී ලෝචනා ඉමාෂි පහත පරිදි අදහස් දැක්විය.

“අපිට යම් යම් දේවල් ලබා දීලා තියෙනවාලු.   මේවා ඇත්තනම් කමක් නෑ..මට ඒ දේ දැක්කම පෞද්ගලිකව කොච්චර දැනුනද කියලා කියනවා නම් මම ඒ වෙලාවෙ තනි වුණා. තනියම ඒ දේවල් විඳ ගන්න සිද්ධ වුණා. ඒක මගේ දෙමව්පියන්ට කොහොම දැනෙන්න ඇත්ද?

මගේ විවාහයත් ළඟදීම සිදුවෙනවා. ඒ ගැන බොහෝ මාධ්‍ය ආයතන වල අය දන්නවා. ඉතින් මම ගොඩක් සතුටින් ගත කරන කාලයක් මේක.   ඒත් මට මගේ වටිනාම දවස ගොඩාක් දේවල් කර ගන්න බැරි වුණා මේ කතා නිසා. මේ වෙද්දි ඒ මඩ ප්‍රචාර දියත් කරපු කෙනාම චෝදනා නිරාවුල් කරලා තියෙනවා. නමුත් චෝදනා ආවා වගේම ඒවා  බොරු කියලා ඉක්මනට ප්‍රසිද්ධියට පත්වෙන්නේ නැහැනේ. අපි ඒ වගේ වැඩ කළානම් අද අපි මෙතැන නෙවෙයි ඉන්නේ. අපිට මෙහෙම කතා කරන්නත් බෑ ඇවිල්ලා.

මම බඳින්න යන කෙනා මේ දේවල් ගැන හරියට තේරුම් ගන්න නිසා හොඳයි. එහෙම තේරුම් ගත්තේ නැත්නම් මේ වන විට මගේ විවාහය නැවතිලා නේද? එහෙමනම් ඉතින් මගේ ලස්සනම දවස නැති වෙනවා නේද? මම බඳින්න යන කෙනා ලංකාවේ නෙවෙයි ඉන්නේ. එයා තමයි මේ හැම දෙයක්ම හොයලා දුන්නේ. “

2

2 Comments

2 Comments

  1. dilan

    April 23, 2015 at 1:08 am

    kalabala wenna epa waradi karala nattan. api Media gana hondata dannawa. horu kauda kiyala api danne ne. eka danne horu witarai. tikak iwasala inna. ikmanin horu tika allanna baha.

  2. eebest8

    May 7, 2015 at 7:17 pm

    Im grateful for the article post.Much thanks again. Awesome.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!