තරු හුට පට

මහඇමති හරීන් ගුටි බැට හුවමාරුවක

ඌව පළාත් සභාවේ මහ ඇමති හරීන් ප්‍රනාන්දු ඔහුගේ ඥාති සොහොයුරෙකු සමග කොල්ලුපිටියේ, කොළඹ පිහිනුම් සමාජ ආපන ශාලාවේදී ගුටි බැට හුවමාරුවක නිරත වුණ බව වාර්තා වේ.

හරීන් ප්‍රනාන්දුගේ බාප්පා කෙනෙකුගේ පුත්‍රයෙකු බව කියන ඔන්රි මහීල් ප්‍රනාන්දු සමග හරීන් ප්‍රනාන්දු මෙලෙස ගුටි බැට හුවමාරුවක් නිරත වූ බවයි පැවසෙන්නේ.

ඊයේ පස්වරු  සවස 2.30 ට විතර මෙහෙම වුණා කියලත් ආරංචියි. අන්තිමේ දෙන්නාම කොල්ලුපිටියේ පොලීසියට ගිහින් පැමිණිල්ලකුත් දාලා තියෙනවාලු.

ඊට පස්සේ දෙන්නා පෞද්ගලික රෝහල්වලට ඇතුළත් වෙලා ප්‍රතිකාර ගත්තා කියලත් කියනවා.

හරීන්ගේ ඥාති සහෝදරයා එනම් ඔන්රි මහීල් ප්‍රනාන්දු පසුගිය ජනාධිපතිවරණයේදී  මහින්ද රාජපක්‍ෂ මහතා දිනවන්න කටයුතු කළ අයෙක්ලු.

මේ දෙන්නා ආපන ශාලාවේ ඉන්න ගමන්  ඇති වෙච්ච බහින් බස්වීමක් දුරදිග ගිහින් අන්තිමේදී එකිනෙකාට ප්‍රහාර එල්ල කරගෙන තියෙනවා.

බහින් බස්වීම ගැටුමක් වෙන්න හේතුව ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් ඥාති සහෝදරයා අසභ්‍ය වචනයෙන් බැණ වැදුණා කියලයි හරීන් ප්‍රනාන්දු මහඇමතිවරයා කියන්නේ.

harin-prenando2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!