Gossip

මිතුරා අමතක වූ සෙල්ෆි උන්මානය – Photos

සෙල්ෆි කියන්නේ අද ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය වචනයක්.
මේ සෙල්ෆි ඡායාරූප නිසා පසුගිය කාලය පුරාවටම සිදුවුණු ජීවිත හානි ගැනත් නිතර නිතර අහන්න දකින්න ලැබුණා.
ඒ වගේ සිද්ධියක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඒ තමයි මිතුරන් පිරිස ඒකරාශී වී සිටියදී එක් සිසුවකු දියේ ගිලෙනු මෙම මිත්‍ර කාණ්ඩයට මග හැරී තිබෙන අතර එම ඡායාරූපයම මේ සම්බන්ධයෙන් සාක්ෂි සපයා තිබෙනවා.
විශ්වාස් ජී නම් මෙම මියගිය 17 හැවිරිදි සිසුවා බෙන්ග්ලාරු ජාතික පාසලේ අධ්‍යාපනය ලබන සිසුවෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පැය කිහිපයකින් පසුවයි දියේ ගිලී සිටි මෙම සිසුවාගේ සිරුර සෙයාගෙන තිබෙන්නේ.
දිය නෑමෙන් පසුව අසල කෝවිලට ගිය සිසුන්ට විශ්වා අතුරුදහන් බව දැනෙන විට ඔහු දියේ ගිලී අවසන් ගමන් ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් මොවුන් ලබාගත් සෙල්ෆි ඡායාරූප පිරික්සන අතරේ ඔහු දියේ ගිලී ඇති බව අනාවරණය කර ගෙන තිබුණා.
මහාචාර්යවරයකු ඇතුළු සිසුන් 25ක් මෙම ගමනට සහභාගි වී තිබෙන අතර සිද්ධියෙන් කෝපයට පත් වැසියන් උද්ඝෝෂණ පවත්වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!