Gossip

එයාට ඉරාජ් ඒ තරම් කෙනෙක් නෙවෙයි – සැමියා ගැන කියූ වීඩියෝවට වික්ටර්ගේ බිරිඳගෙන් උත්තරයක්

පසුගියදා ඉරාජ් වීරරත්න විසින් වික්ටර් රත්නායක මහතා අපහසුතාවයට පත්වන අයුරින් නිර්මාණය කර තිබූ වීඩියෝව සම්බන්ධයෙන් සමාජජාල ඔස්සේ ඔහුට වැඩි විරෝධයක් එල්ල වුණා. ක්ෂේත්‍රයේ පිරිස්ද මේ පිළිබඳව කතාකර තිබුණේ චෝදනා මුඛයෙන් වන අතර මෙම වීඩියෝව සම්බන්ධයෙන් අද වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ මාධ්‍යවෙත අදහස් දක්වා තිබෙනවා.

එහි ඇය සඳහන් කර ඇති කරුණුවලින් පෙනී යන්නේ ඉරාජ් වැනි පිරිස් වික්ටර් රත්නායක වැනි අග්‍රගන්‍ය කළාකරුවන් අතර අප්‍රසාදයට පත්ව තිබෙන බව වන අතර තමන්ගේ සැමියා විසින් වීඩියෝව නැරඹීමද ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මේ ඇය දැක්වූ අදහසුයි…

“මගේ මහත්තයා ඒ ගැන කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැහැ.එයාට ඉරාජ් ඒතරම් කෙනෙක් නෙවෙයි. වීඩියෝ එක බැලුවෙත් නෑ. හිතවත් යාලුවෝ කෝල් කරලා කියනවා. එච්චරයි. කොටින්ම කොහොමත් හස්බන්ඩ් මෙයින් කිසිම විදියකින් කම්පනය වෙලා නෑ.අපට සැසදෙන අපට පෑහෙන දේකට අපි අදහස් පළකරනවා මිසක් මේවා ගැන කතා කරන එකේ තේරුමක් නෑ.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!