Gossip

නීතිය අකුරටම ඉටු කරන්න ෆොන්සේකා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය අතට ගනී..?

සාගල රත්නායක මහතාගේ ඉවත්වීමෙන් හිස් වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙත පැවරීමට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මීට පෙර මෙම අමාත්‍යංශය රාජිත සේනාරත්න මහතාට ලබාදීමට තීරණය කර තිබෙන බව වාර්තා වූ අතර එහෙත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු ගෙනයන සාර්ථක වැඩපිළිවෙල අඩාල නොකළ යුතු හෙයින් සේනාරත්න මහතා තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසම කටයුතු කළයුතු බවටයි තීරණය කර තිබෙන්නේ.
ආණ්ඩුවේ බොහෝ ඇමතිවරුන්ගේ මතය වී තිබෙන්නේ සරත් ෆොන්සේකා මහතා යටතේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ මේ වනවිට අඩපන වී ඇති කටයුතු කාර්යක්ෂමව සිදුකිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා සුදුසම පුද්ගලයා ඔහු බවයි.
සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයා ලෙස යුද්ධය අවසන් කිරීමට කාර්යක්ෂමව කටයුතු කළ ආකාරයෙන් මේ වනවිට අඩපන වී ඇති නීතිමය කටයුතු කාර්යක්ෂමව සිදුකරනු ඇති බවට ඔවුන් විශ්වාසය පලකරනවා.
බරපතල දූෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන්ට සහ මාධ්‍යවේදීන් ඇතුලු පුද්ගලයන් රැසකගේ ඝාතනවලට සම්බන්ධ කිසිවෙකුටත් නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අතර ඒ සියල්ල ෆොන්සේකාගේ පැමිණීමෙන් විසදෙනු ඇති බවටයි කවුරුත් විශ්වාස කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!