අද වෙද්දි ජංගම දුරකතනයක් නොමැති කෙනෙක් හොයාගන්න නැති තරම්නේ.
වැඩිහිටියන් අතර පමණක් නෙවෙයි පාසල් යන ළමුන් ගාව පවා දැන් ජංගම දුරකතනයක් තියෙනවා.
හැබැයි මේ ජංගම දුරකතනය නිසා වන සිද්ධීන් බොහොමයක් අප සමාජයේ සිදුවෙනවා.
අපි මේ කියන්න යන්නේ එහෙම කතාවක් ගැන.
මේ කතාව අපිට හමුවුණේ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනෙවියගේ මුහුණු පොතෙන්.
මේ එම සටහනයි
මිස් කොල් එකෙන් මිස් වූ ජීවිතය………..
මධ්‍යම රාත්‍රියේ මේ ගෙදරට ආවේ මිස් කොල් එකක්…
ඒක ඇමතුවේ මේ නිවසේ ඉන්න නාඹර කෙල්ලයි…..
එහා පැත්තෙන් ආවේත් නාඹර කොලුවෙකුගෙ කටහඩයි..
කොහොමද? ඒ ආගන්තුක හඩ ඇයගේ හදවතට ඇමතුවා….
එදා…. ක්ෂණිකව මේ දුරකථනය විසන්ධි කරත්..
වයස අවුරුදු 16 ක කෙල්ලෙක් වූ ඇයට ඉන්පසු අවැසි වූවා මේ හඩ විදින්නට..
ඔහුත් දිනපතා දුරකථනය භාවිතා කර චචීපරමව ඇයව අති සුන්දර ලොවකට පා කර හැරියා..
දැන් මේ හිතවත් කමට මාසයක් ……ඒ නිසා දෙන්නටම ඕන දැන් මුණ ගැසී ඇසුර විදින්නයි..
ඒ නිසා ඔහු ඇරයුම් කරා ඔහු සේවය කරන ආයතනයට එන්න…..
ඇය පාසැල කට් කරලා ගැහෙන සිතින් එහි ගියා….
ඇයගේ සිතෙහි සිටින්නේ සුන්දර කුමාරයෙක් දකින්නයි…..
ඔහු එනවා ….පඩි පෙළ හෙමින් සෙමින් බසිමින්…..
ඇය හොරෙන් ඒ දෙස බැලුවා………
දෙයියනේ …..ඇති ඇයට හෟදයාබාදයක් ඇති නොවුන එක…
ඇයගේ වචනයෙන් කියනවානම් …….. තට්ටයත් පෑදිලා මගේ තාත්තටත් වඩා නාකියෙක් දෙයියනේ…..
මම මෙලෝ සිහියක් නැතිව ගෙදරටම දුවන් ගිහින් අම්මිට කිව්වා
අම්මි හොදටම බැන්නා … මම මීට පස්සෙනම් මෙහෙම මෝඩකම් කරන්නෑ කියලා හිත හදාගත්තා…
ඒත් මිස් මට වැරදුනා… ඊට පස්සෙ මේ මිනිහා මගේ ඉස්කෝලේ හැම කෙනාටම මම ගැන වැරදි ප්‍රචාරය කරා ..මගේ නම ගොඩාක් කැත කරා . ඒත් මම භය වුනේ නැහැ…….
නමුත් මම කරපු පුංචි වරදක් නිසා මම ජීවිතේම වන්දි ගෙව්වා….
දවසක් මම ඉස්කොලෙ ඇරිය ගෙදර යද්දි මාව ඇදගෙන ගිහින් වාහනයක දාගෙන ගිහින් කොහේද මන්දා ගෙදරක නැවැත්තුවා.
මුලුගේම වහල මාව හිරකරලා තිබ්බා… මට ගොඩා…….ක් වද දුන්නා. මම අවුරුද්දක් තට්ට තනියම ඒ මිනිහට ඕන විදියට හිටියා…
ඒ කාමරේ ඔක්කොම අල්මාරි වහල තියෙන්නෙ . දවසක් මම ඒ අල්මාරියක් කැඩුවම ඒකෙ ඇතුලේ ඇල්බම් එකක් දැක්කා. බලනකොට මේ මිනිහා බැදලා බැදපු ගෑනියි මට වඩා වැඩිමල් දරැවො දෙන්නයි ඒ පිංතූරවල. ඒ අය රට ඇරලා තමයි මේ ඔක්කොම කරන්නේ. ඒත් මට ඇගෙව්වෙ තනිකඩ නිසා මට ගොඩා…..ක් ආදරේ නිසා මෙහෙම කරේ කියලයි…
මම ඒ මිනිහා ඒකක හිටියේ හරිම අප්පිරියාවෙන් .ඒත් මට පැනලා එන්න විදියක් නෑනෙ…..
අද මම හිතාගත්ත ..මම පනිනවාමයි කියලා. ජනෙලය කැඩුවා . යකඩ බටෙත් කැඩුවා . තාප්පෙන් පැනලා ගිහින් මම යාලුවෙක් ලගට ගියා. ඊට පස්සෙ මම ගාමන්ට් එකක රස්සාවක් කරා අවුරුද්දක් විතර.
මම හිතුවා ඒ මිනිහා මාව හොයා ගන්න එකක් නැහැ කියලා
ඒත් මම වැරදියි අද මම වැඩට යද්දි මග රැකලා ඉදන් මට පිහියෙන් ඇන්නා….
ඌටනම් කවදාවත් හොදක් වෙන්න එපා …ඌ මැරියන් දෙයියනේ මැරියන්. ඇය නොපෙනෙන දෙවියන්ට කන්නලව් කරා….
ඌයි මට රිදෙනවා මිස්…