Gossip

“ආදරය කියන්නේ එකතුවීමමත් නෙවෙයි.. වෙන්වීම තුලින් ආදරය නැතිවෙන්නෙත් නෑ” – Exclusive

නිරුවත ගැන මට ප්‍රශ්නයක් නැහැ…

ආදරය කරන්න එකතු වෙන්නම ඕනේ නෑ.

සාරංග දිසාසේකර කියන්නේ අපේ රටේ කලා ක්ෂේත්‍රයේ නමක් දිනාගත්තු කවුරුත් ආදරය කරන පුවත් මවන චරිතයක් කිව්වොත් නිවැරදියි.
ඔහු නිතරම සිනහ මුසු මුහුණින් කවුරුත් එක්ක ලෙංගතුව ඉන්න නිහතමානී චරිතයක් විදිහටත් ඔහුට රසිකයන් ආදරය කරනවා.
පසුගිය දවස්වල විවිධ කටකතා නිසා ඔහු ගැන පුවත් මැවුනා.
ඉතිං සාරංගගේ අලුත්ම විස්තර ගැනත් ඉදිරි බලාපොරොත්තු ගැනත් ආදරේ ගැනත් අහලා බලන්න වෙබ් ගොසිප් අපි හිතුවා.

සාරංග මොනවද අලුත්ම තොරතුරු…?
අලුත් ටෙලි නාට්‍යයක වැඩ කටයුතු කරගෙන යනවා.
වේදිකා නාට්‍ය කිහිපයකටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒවයේ පුහුණුවීම් කටයුතුවල නිරත වෙනවා.

මොන ප්‍රශ්න ආවත් ඔබ ජීවිතේ සතුටින් හිනාවෙලා ඉන්න කෙනෙක්ද? නැත්නම් දුක හංගගෙන හිනා වෙනවද..?
දුක හංගගෙන හිනා වෙනවා නෙවෙයි. මම දුක් වෙන හිතට වදදෙන දේවල් ගැන වැඩිය හිතන්නේ නෑ.
මම මගේ වෘත්තිමය ජීවිතය ගැන, කරන වැඩ ගැන අවධානය යොමු කරනවා. බලහත්කාරයෙන් හංගන්නවත් අමතක කරන්නවත් මම උත්සහ කරන්නේ නෑ.. මම ආසා කරන දේ රැකියාව.
මම ඒ වෙනුවෙන් කැපවෙනවා. ඒකට කාලය යොදවනවා.

ප්‍රශ්නයක් දුකක් ආවම කාත් එක්කද ඔබ ඒ දේවල් බෙදාගන්නේ..?
හම්…. අම්මත් එක්ක.. ඒ වගේම මගේ හොඳම යාළුවා අජිත එක්ක. එයා ඇමරිකාවේ ඉන්නේ මේ දවස්වල. අම්මා එක්ක තමයි හැමදේම කතා කරන්නේ. මට වැඩිය විශ්වාසවන්ත යාළුවෝ නැහැ ප්‍රශ්න කතාකරන්න.

ආදරේ කියන්නෙත් අද වෙනස් වෙන දෙයක් වෙලා.. ආදරේ කරන කෙනෙක් දාලා ගියොත් තවත් කෙනෙක්ට ආදරේ කරන එක වැරදිද..?
ඒකට හරිද වැරදිද කියලා උත්තරයක් නෑ. ආදරය කියන්නේ එකතුවීමමත් නෙවෙයි.. වෙන්වීම තුලින් ආදරය නැතිවෙන්නෙත් නෑ. ආදරය කියන්නේ වෙන්වීම කියන්නේ වෙනම කාරණයක්.
ආදරය කියන දේ පේන දෙයක් නෙවෙයි. ආදරය කරන්න එකතු වෙන්නම ඕනේ නෑ.

රංගනයට එකතු වෙන නවක නිළියෝ වැරදි පාරවල්වල යනවා කියලා හුඟක් අය කියනවා.. ඇත්තද මේක..?
ඒක මම කියන්න දන්නේ නෑ. මොකද සාක්ෂි හරියටම නැතිව එහෙම කතා කරන්න බැහැ. හුඟක් දේවල් කටකතා තමයි. මෙහෙමයි කියලා දැකලා නැතිව කතා කරන්න බැහැ.

ඔබ වැඩියෙන්ම ආදරේ කරන නිළිය කවුද..?
මම වැඩියෙන්ම ආදරේ කරන්නේ චාන්දනී සෙනෙවිරත්නට.

අද එළියට එන මියුසික් වීඩියෝ හිට් කරගන්න නිරුවත පාවිච්චි කරනවා. ඒක හරිද වැරදිද..?
නිරුවත කියන එක අලුත් දෙයක් නෙවෙයි. ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියන එකයි වැදගත්. නිරුවත ගැන මට ප්‍රශ්නයක් නැහැ. ඒක කලාත්මක විදිහට යොදාගන්නවානම්
ප්‍රශ්නයක් නෑ කියලයි මම හිතන්නේ.

මොනවද ඔබේ ඉදිරි බලාපොරොත්තු..?
හැමදාමත් වගේ නිර්මාණකරණයේ යෙදෙන්න තමයි..
සංගීතය පැත්තෙනුත් යමක් කරන්න ඕනේ.. රංගනයට කාලයක් වෙන් කරන්න ඕනේ නිසා ඒ දේට වෙලාවක් නෑ. තව වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.
මම යමක් කරන්න තමයි නිතරම බලන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!