Gossip

ලෝක බලවතා පුටින් හදවතක් නැති මිනිසෙක්ද – photos

පසුගිය බදාදා දිනක සෝකී හිදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ටර්ක්‌මෙන්ස්‌ටන් හි ජනාධිපතිවරයා ගර්බන්ගුලි බර්ඩිමුහාමඩොව් හමු වුයේ මෙම රටවල් දෙක අතර නොවිසඳී තිබුණු අර්බුදයක්‌ නිරාකරණය කර ගැනීම සඳහාය.

රුසියාව කලක සිටම සෝවියට්‌ සමූහාණ්‌ඩුවේ ස්‌වභාවික ගෑස්‌ සංචිත මිලදී ගත් ප්‍රධාන ගැනුම්කරුවකු වූ අතර මිල ගණන් පිළිබඳව ඇති වූ අර්බුදයක්‌ නිසා රටවල් දෙක අතර තිබූ මිතුදම බිඳ වැටී තිබිණි.

ටර්ක්‌මෙනිස්‌තානය හි ජනාධිපති ගුර්බන්ගුලි මෙසේ පලුදු වුණු මිතුදම පිළිසකර කරගැනීම සඳහා දෙරටටම පොදු මිතුරකු රැගෙනවිත් තිබිණි.

මෙම පොදු මිතුරා වූයේ අද්විතීය ඇලබායි බලු පැටවෙකි. මෙම බලු පැටියා පුටින් හට උපන්දින ත්‍යාගයක්‌ ලෙස ලැබුණු අතර පුටින් මෙම බලු පැටියා මහත් ආදරෙන් වැළඳගෙන හාදුවක්‌ ද දී ඇත.

මෙම බලු පැටියාගේ නම වර්නි වන අතර රුසියන් බසින් වර්නි යනු විශ්සවනීය යනුය.

ලොව හඳුනාගෙන ඇති අන්දමට පුටින් සුනඛයන්ට ඉතා ආදරය දක්‌වන්නෙකි. මෙම බලු පැටියා ඔහුට ලැබුණු හතරවන බලු පැටියා වේ. සුනඛයන් සමඟ පමණක්‌ නොව හිම වලහා, සයිබීරියානු කොටි, ඩොල්ෆින් වැනි සතුන් සමඟ ද ගත් ඡායාරුප සමුහයක්‌ ඔහු සතුව ඇත.

පුටින් නිවසේදී ද බොහෝ සේ මෙම සතුන් සමඟ කාලය ගත කරන බවද කියවේ. කන්සාස්‌හි දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වන ජන කුබික්‌ පවසන්නේ මෙම ඡායාරූප ඔහුගේ දේශපාලන ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම සඳහා බෙහෙවින් ඉවහල් වන බවය.

chura1 පුටින් මාධ්‍යවලට පවසන්නේ ද සතුන්ට දැඩි ලෙස ආදරය කරන ඔහු හදවතක්‌ නැති මිනිසකු නොවන බවය. හදවතක්‌ ඇති නමුත් ඔහුගේ ආදරය මටසිළුටු ද නොවන බවද ඔහු පවසා ඇත. ඔහු මෙසේ පැවසුවද ඔහුගේ රජය සත්ත්ව කරුණාව නොදැක්‌වීම පුදුමයකි.

2014 වසරේදී සෝකී හි පැවැති ශීත සෘතු ඔලිම්පික්‌ උළෙලට පෙර දඩාවතේ යන බල්ලන් සිය දහස්‌ ගණනක්‌ මරා දැමුවේ සුනඛයන් නිසා එම උළෙලට බාධා වේ යෑයි සිතාය.

පුටින් හට ඉතාම කිට්‌ටුවන්තම සුනඛයා වන්නේ කොනි නමැති කළු පැහැ ලැබ්රඩෝ වර්ගයේ බැල්ලකි. 2000 වසරේදී ඇය ඔහුට ලබා දී ඇත්තේ රුසියන් ජෙනරාල්වරයකු සහ ආරක්‌ෂක ඇමැතිවරයකු වූ සර්ජි ෂොයිගු විසිනි. සීඑන්එන් පුවත් සේවය පවසන්නේ ඔහු කනස්‌සලු ස්‌වභාවයකින් හෝ ගැටලු ස්‌වභාවයකින් සිටින විට කොනි ගෙන් උපදෙස්‌ ලබා ගන්නා බවය.

කොනි ගේ පෙළපත රුසියන් ඉතිහාසයේ සංකේතාත්මක වශයෙන් වැදගත් වේ. කොනි සැදී වැඩී පුහුණු වී ඇත්තේ සෙවීම් සහ මුදාගැනීම මධ්‍යස්‌ථාන වෙත සුනඛයන් පුහුණු කිරීමේ ආයතනයකය. Psychology Today පවසන අන්දමට ඇය පැවත එන්නේ හිටපු සෝවියට්‌ රුසියානු ජනාධිපතිවරයකු වන ලෙනයිඩ් බ්රෙස්‌නෙව් ඇති දැඩි කළ බැල්ලක ගෙනි.

2010 වසරේ දී රුසියාව සහ බල්ගේරියාව ගිවිසුමක්‌ අත්සන් කළ මොහොතකදී එවකට අගමැතිව සිටි පුටින් හට බල්ගේරියානු රජය විසින් කරකචන් වර්ගයේ බලු පැටියකු තෑගි කර තිබුණි. Reuter පුවත් සේවය පවසන අන්දමට මෙම බලු පැටියාට නමක්‌ යෝජනා කිරීම සඳහා රට පුරා තරගයක්‌ පැවැත්වූ අතර එහිදී පස්‌ හැවිරිදි දරුවකු යෝජනා කළ  නම තෝරා ගැනිණි.

පුටින් හට ලැබුණු තුන්වන සුනඛයා වන්නේ 2012 වසරේදී ජපානයෙන් ලැබුණු මස තුනක්‌ වයසැති Yume නමැති අකිටා වර්ගයේ බලු පැටියෙකි. 2011 වසරේදී ජපානයේ භුමි කම්පා සහ සුනාමි තත්ත්වයන් ඇතිවූ පසු රුසියානු රජයෙන් ලැබුණු උදව් සඳහා ස්‌තුති කිරීමක්‌ ලෙස එම ත්‍යාගය ලැබිණි. 2016 වසරේදී පුටින් ජපානයේ සංචාරයක නිරතව සිටියදී දෙවන වරටද අකිටා වර්ගයේ බලු පැටියකු දෙන්නට ජපන් රජය සුදානම් වුවද රුසියානු නිලධාරීන් එය ප්‍රතික්‌ෂේප කර ඇත.

පුටින් සුනඛයන් සමඟ ගත් ඡායාරූප දේශපාලනික වශයෙන් වාසි සහගත කර ගත්තාක්‌ මෙන්ම ඔහු ඉතා සියුම් පණිවිඩ සන්නිවේදනය සඳහාද සුනඛයන් උපකාරි කරගෙන ඇත. පුටින්ව නිතරම විවේචනය කරන ජර්මන් චාන්සලර්වරියක වන ඇන්ජිලා මර්කෙල්, සොචි හිදී පුටින් මුණ ගැසුණු විට පුටින් කාමරය තුළට කොනි කැඳවා ඇත.

1995 වසරේදී බල්ලකු හපා කා ඇති නිසා කොනි කාමරය තුළට ආ විට ඇන්ජිලා භීතියට පත්ව ඇත. පුටින් කියා සිටින්නේ ඇය බල්ලන් ගැන තිබූ භීතිය ගැන තමා නොදැන සිටි බැවින් කොනි කාමරය තුළට කැඳවූ බවය. නමුත් එය පිළිනොගන්නා ඇන්ජිලා පවසන්නේ පුටින් තමා පිරිමියකු බව පෙන්වීම සඳහා ඔහු එය සිතා මතා කළ බවය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!