Gossip

මැල්සිරිපුර පරම්පරා දෙකක අය අවුරුදු 33ට කලින් මැරෙනවා- පෙර ආත්මවල බලපෑමක්ද?

පරම්පරා ගණනක්ම වයස අවුරුදු 30 සිට 33 අතර කාලය තුළ ජීවිතක්ෂයට පත්වන ඉතා අවාසනාවන්ත පුවතක් මැල්සිරිපුර, පන්ලියද්ද, හැවනතැන්න ගම්මානයෙන් අසන්නට ලැබුණා.

මෙවගේ අවුරුදු තිහක් තිස්තුනක් වනවිට ජීවිතක්ෂයට පත්වන්නේ එකම පවුලේ පරම්පරා දෙකක පුද්ගලයන් බවයි වාර්තා වන්නේ.

කොහොමවුනත් මේ හේතුව නිසා ඔවුන්ගේ දරු මුනුබුරන්ද ඉතාමත් අසරණ තත්වයට පත්වෙලා තියෙනවා.

පසුගිය දවසක හදිසි රිය අනතුරකින් යුවළක් එකම අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්වෙලා කුඩා දරුවන් තුන්දෙනෙක් අවතැන් වෙලා තියෙන සිද්ධිය සම්බන්ධයෙන් විමසීමේදී මේ කරුණු අනාවරණය වී තිබෙනවා.

මැල්සිරිපුර ගම්මානයේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් ජීවත්ව තිබූ අතර ඔවුන් දෙදෙනාට දරුවන් තුන්දෙනෙක් ඉඳලා තියෙනවා. එම සහෝදරියන් දෙදෙනාද වයස අවුරුදු 32 සහ 33 අතර කාලයේදී හඳුනානොගත් රෝගයකින් ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා. ඒ ඔවුන්ගේ දරුවන් කුඩා කාලයේදීමයි. එසේම ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ද වයස අවුරුදු 33 සහ 32 කාලයේදී ජීවිතක්ෂයට පත්ව තිබෙන බවටත් වාර්තා වනවා. එතැන් පටන් ඔවුන්ගේ දරුවන් ඥාති පවුලක් විසින් හදාවඩා ගෙන තිබෙනවා. එම දරුවන්ද වැඩිවියට පත්ව විවාහවී දරුවන් බිහිකර තිබෙනවා.

මේ අතරතුර කාලයේ එක් සහෝදරියකගේ පුතෙක් වයස අවුරුදු 33 වනවිට හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර ඒ සිදුවීමෙන් පසුව මියගිය පුද්ගලයාගේ නැගණිය පසුගියදා සිය ස්වාමිපුරුෂයා සමග දරුවන් පාසලෙන් රැගෙන ඒම සඳහා ගිය අවස්ථාවේදී රිය අනතුරකින් එකම ස්ථානයේදී මියගොස් තිබෙනවා.

මෙම පවුලේ දැනට ඉතිරිවී සිටින බිරින්දෑවරු දෙදෙනාම වයස අවුරුදු 32 හා 33 වයස්වල පසුවන නිසා ඔවුන්ද මේවන විට දැඩි මානසික පීඩනයකින් ජීවත්වන බවටයි වාර්තා වන්නේ. එසේම රෝෂිණී ප්‍රදීපිකා නැමැති මෙම පවුලේ සාමාජිකාවක් පවසන්නේ මේ සිදුවීම නිසා තමන් ඉතා බියකින් පසුවන බවයි.

ඉතාමත් දැඩි අසරණ භාවයට පත්ව සිටින මෙම දරුවන් හදාවඩා ගන්නා මෙම පවුලේම ඥාතිවරියක් වන සමන්තිකා කුමාරි පවසන්නේ මෙවැනි අදහසක්.

“ඇත්තටම අපිට තේරෙන්නේ නෑ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. මමයි මගේ අයියා පුංචි කාලේ ඉඳලම මේ දුක් කන්දරාව විඳිනවා. තවත් ඒ දුක අවසන් වීමක් නෑ. දවසින් දවස අපි දෙන්නත් මේ දරු පැටවුනුත් එක්ක මැරි මැරි උපදිනවා. මගේ සහෝදරියන් දෙදෙනුගේ දරුවෝ තමයි මේ විදියට අසරණ වෙලා ඉන්නේ. දරුවන්ගේ දරුවනුත් දැන් අසරණ වුණා මගේ සහෝදරියන් දෙදෙනාට සහ එයාලා කසාද බැඳපු අයට හරියටම අවුරුදු 33 වෙද්දී එය පුංචි දරු පැටවුන් දාලා ගියා. ගමගේ අයියා බොහොම අමාරුවෙන් ඒ පුංචි දරුවෝ ටික ලොකු මහත් කළා. අම්මා නැතිවුණා කියලා අගහිඟ කළේ නැහැ. පුළුවන් විදියට කළා. කසාද බන්දලා දුන්නා. ඒ දරුවෝ තුන්දෙනත් එක්ක පවුලේ දරුවෝ තුන්දෙනා බැගින් පවුල් දරු පැටව් නව දෙනෙක් හම්බුණා. හරියටම අවුරුදු 33,32 වෙද්දි අම්මලාට තාත්තලාට වෙච්ච දේ සිදුවෙමින් තිබෙනවා.

එක පවුලක එක සහෝදරියගේ දියණියත් එයාගේ මහත්තයයි දෙන්නම නැතිවුණා. දරු පැටවු තුන්දෙනා අනාථ වුණා. ඒ තුන්දෙනා බලාගන්නෙත් මම. ඒත් එක්කම ඒ අක්කාගේ පුතා හදිසියේ රිය අනතුරක් වෙලා මියගියා. එයාටත් දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. අනිත් අක්කාගේ දුව බැඳපු මහත්තයා එකපාරටම ලෙඩක් හැදිලා අවුරුදු 33 වෙනකොටම මියගියා.

එයාට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. අහිංසක දරු පැටවු හය හතර නොදන්න නවදෙනෙක් අනාථ වෙලා. මේ සියලු දෙනාටම පුළුවන් විදියට තමයි අපි සළකනවා. ඇත්තටම මම ඉල්ලා සිටින්නේ මේ පුංචි පැටවුන්ට කවුරුහරි උදව්වක් කරනවා නම් ලොකු දෙයක් ඉන්න හිටින්න තැනක් නෑ කන්න බොන්න දෙයක් නෑ. ඒ අයට කොහොමහරි අපිට පුළුවන් විදියට තමයි සලකන්නේ. ඒ නිසා මේ පැටවුන්ට අඩුම තරමේ ගෙයක් දොරක් වත් හදලා දෙනවානම් ඒක ලොකු පිනක්”

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!