Gossip

සාරංග – දිනක්ෂි, උමාලි – ධනුක ගැන පැතිරෙන කථා ඇත්තක්ද?

සාරංග දිසාසේකරගේ සහ උමාලිගේ විවාහය දෙදරායාම ගැන හැමතැනම විවිධ දේවල් කථාවෙනවා.

ඒ අතර එක් කථාවක් තමයි මේ විවාහය දෙදරා ගියේ උමාලි සහ නවක නළු ධනුක ඩිල්ෂාන් අතර පැවති අනියම් ප්‍රේම සම්බන්ධයක් කියලා. අවුරුදු 02ක් තිස්සේ මේ දෙදෙනා අතර මෙම සමීප සම්බන්ධය තිබුණු බවත් සාරංග එය නවත්වන ලෙස ඉල්ලීම් කර තිබෙන බවත් තමයි ගොඩක් අය කියලා තියෙන්නේ. එහෙත් උමාලි මෙම සම්බන්ධය නතර කර නැති නිසා මේ දෙදෙනා වෙන්ව සිටීමට හේතුව එය බවත් සමහරු කියලා තියෙනවා.

ඒවගේම මේ දෙදෙනාගේ පවුල් ජීවිතය අවුල් වී ඇත්තේ නව පරපුරේ නිළියක්වන දිනක්ෂි ප‍්‍රියසාද් හා සාරංග අතර තිබෙන සම්බන්ධයක් බව තවත් අයෙක් කියලා තියෙනවා. සාරංග එක්ක කරපු රූගත කිරීම් කිහිපයක් අතරතුර මෙම සම්බන්ධකම ඇතිවෙලා කියලයි කලා ක්ෂේත‍්‍රයේ ආරංචිමාර්ග සඳහන් කරලා තියෙන්නේ.

මේ හේතුව නිසා උමාලි, සාරංග හා විරසකවී ජපානයට ගිහින් කියලා ආරංචියක් පැතිරෙමින් පවතිනවා.

කෙසේවෙතත් සාරංග දිසාසේකර හා උමාලි තිලකරත්න කියන්නේ කවුරුත් ආදරේ කරන නව පරපුරේ යුවලක් වුණ නිසා මේ කථාවන්වල ඇත්ත මොකද්ද කියලා හොයලා බලලා ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට කියන්න අපි සාරංග දිසාසේකරව සම්බන්ධ කරගන්න උත්සාහ කළත් එම ඇමතුමට ප්‍රතිචාර දැක්වූ පවුලේ ඥාතියෙකු සඳහන් කළේ සාරංග මේදිනවල විදේශගතව සිටින බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!