Gossip

ලංකාවට අලුතින්ම ගත්තු A320 Neo ගුවන් යානයට මොකද වුණේ- මෙන්න අලුත්ම විස්තර

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ලබා ගන්නා ලද සිය ප්‍රථම නව එයාර් බස් (Airbus) ගුවන් යානයේ නිල පියාසරිය ආරම්භ කර තිබෙනවා.

පෙබරවාරි 27 වන දින ලංකාවට පැමිණි A320neo Airbus ගුවන් යානය, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා වර්ගයන්ට එක්වන A320neo සහ A321neo පවුලේ ප්‍රථම ගුවන් යානය වශයෙන් සැලකෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ A320neo ගුවන් යානය තුළ මගීන් 150 දෙනෙකුට ගමන් කළ හැකි වන අතර සුවපහසු කැබිනයක් සමඟ ව්‍යාපාරික පන්තියේ මගීන් ආසන 12ක් සහ වාණිජ පන්තියේ ආසන 138ක් මෙහි ඇතුළත්ව ඇත.

ඉතා සුවපහසු ආසන, අතිනවීන තාක්ෂණයෙන් යුත් උපාංග පද්ධතීන් සහ විනෝදාස්වාදය සපයන උපාංග ද මෙහි ඇතුළත් වී තිබීමෙන් ගමනාන්තය දක්වා මගීන්ට උපරිම සුවපහසු අත්දැකීම් විඳගත හැකි වෙයි.

කෙසේ වෙතත් මෙම ගුවන් යානය සම්බන්ධයෙන් අප තවදුරටත් තොරතුරු සොයා බැලුවා.
ලියාපදිංචි අංකය – 4R-ANA හෙවත් FOUR ROMEO DASH ALPHA NOVEMBER ALPHA
දිග – 37.57 මීටර්
උස – 12.08 මිටර්
තටු දෙක අතර දිග – 35.8 මිටර්
පියාසර කරලිය හැකි උපරිම උස – අඩි 39,800

උපරිම වේගය – Mach 0.82 ආසන්න වශයෙන් ගණනය කළ විට පැයට කි.මි.1012.536
Engines (Two): CFM LEAP-1A26

නොනවත්වා යා හැකි උපරිම දුර
6,850km (3,700nm)

ආසන ගණන- ව්‍යපාරික පන්තිය 12
පිරිමැසුම් පන්තිය හෙවත් 138 Economy

කෙසේ වෙතත් මෙම නව ගුවන් යානය පළමු පියාසැරිය පසුගිය මාර්තු 6 වන දින කොළඹ සිට බහරේන් දක්වා ගුවන්ගත වී තිබෙනවා.

A320neo ගුවන් යානයේ් පළමු පියාසැරියේ සටහන පහතින‍් බලන්න

neo

ජර්මනියේ හැම්බර්ග් හි ඇති එයාර් බස් සමාගමේ  ටෙස්ට් ෆ්ලයිට් නැත්නම් පරික්ෂණ ගුවන් සැරිය කළ විඩියෝව ඉහතින් දැක්වෙනවා
1 3 4
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!