Gallery

ඉල්ලා අස්වුණු සනත් යන්න කළින් වේදනාවන් පිරි හදවතින් ඇමති දයාසිරිට යැවූ ලිපිය

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සමාජිකයින් ඉල්ලා අස්වීම ඊයේ (29) පුවත් මවන සිදුවීමක් බවට පත්වුණා. එහි සභාපති ලෙසින් කටයුතු කළ සනත් ජයසූරිය ඇතුළු කමිටු සාමාජිකයින් හදිසියේම ඉවත් වූයේ පාලක මණ්ඩලයේ ඇති ප්‍රශ්න නිසාවෙන් බවට විවිධ පුවත් ඔස්සේ තොරතුරු වාර්තා වුණා.

කෙසේ නමුත් සනත් ජයසූරිය විසින් ඊයේ (29) ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාට ලිපියක් ලියමින් සඳහන් කර තිබුනේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන අයෙකු ලෙසින් තමන් මෙම ධූරයෙන් ඉල්ලා අස්වන්නේ වේදනාවන්ද සමගින් බවයි.

ඇමති දයාසිරි වෙත සනත් ජයසූරිය යැවූ ලිපියේ සිංහල පරිවර්ථනය පහත පරිදියි……

මම මේ ලියුම ලියන්නේ හිතේ ලොකු දුකක් තියාගෙන, සාකච්ඡා කරලා අපි අපේ ඉල්ලා අස්වීම දෙන්න තීරණය කළා. ක්‍රිඩකයෙන් හැටියට මම හැම මට්මකින්ම ලංකාව නියෝජනය කළා වගේම තේරීම් කමිටුවේ සභාපති විදියටත් කටයුතු කළා.

ඒ වුණාට ගිය ඉරිදා පට්ටනියේදී සිද්ධවුණු දේ තමයි මගේ අන්තිම සීමාව. ක්‍රිකට් කියන්නේ මගේ ජීවිතේ, ඒ විදියේ ක්‍රීඩාවකදි අපේ ප්‍රේක්ෂකයෝ අපිටම පහර දෙන්න හදනවා කියන්නේ ගොඩක් වේදනාකාරී සිද්ධියක්.

මම පිළිගන්නවා පසුගිය අවුරුද්ද අපි එච්චර සාර්ථක වුණු වසරක් නෙවෙයි කියලා. කොහොම වුණත් අවුරුද්දක් යද්දි අපිට ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ රටේදිම පරාජය කරන්න පුලුවන් වුණා. ඒ අවස්ථාව කවදාවත් අමතක වෙන්නේ නෑ. අපිට ඉන්නවා ගොඩක් දක්ෂ ක්‍රීඩකයෝ. මම හොඳටම දන්නවා ඔවුන් කවදාහරි දවසේ අපේ ක්‍රිකට් ඉහළට අරන් යයි කියලා.

ඒ වගේම අපි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉහළට අරන් යන්න පුලුවන් ඕනිම වෙලාවක උදව් කරන්න සූදානම්. අපේ ක්‍රීඩකයෝ 96 දෙනාම ජයග්‍රහණය වෙනුවෙන් තමයි මේ හැම කැපවීමක්ම කරන්නේ. ඒ හැමදේකටම අපි අපේ ක්‍රීඩකයින්ට ස්තූතිවන්ත වෙනවා. අපි මෙතනින් අයින් වෙන්නේ අපේ ඇස්වල කඳුළු පුරවන් වුනත් අපේ ඔළුව කෙළින් තියාගෙන.

අවසන් වශයෙන් අපි හැම ප්‍රේක්ෂකයෙකුටම කියන්නේ විශ්වාස කරන්න අපේ කොල්ලොන්ව. ඔවුන් ඉක්මණින්ම අපේ රට දිනවාවි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!