Gallery

අපේම දේවල්වලට හිනා වෙන සමහරක් මිනිස්සුන්ට දැනෙන්න ජාත්‍යන්තරයේ පැසසුමට ලක්වුණු ලංකාවේ කෙල්ල – Photos

මේ දිනවල ලොවපුරා අතිසාර්ථක ලෙසින් තිරගත වන Wonder Women චිත්‍රපටය ශ්‍රී ලංකාව තුලද බොහෝ දෙනෙකු අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ඒ අතර පසුගියදා අප රට තුළම සංවිධාන කර තිබූ ලෝකප්‍රසිද්ධ චිත්‍රපට හා කතාමාලාවන්වල එන චරිතයන්ගේ ඇඳුමින් සැරසුණු පිරිසකගේ උත්සවයකට Wonder Women හි එන චරිතයන් කිහිපයක් නිරූපණය වන ආකාරයෙන්ද තරුණියන් කිහිප දෙනෙකු සැරසී පැමිණි තිබුණා.

මෙහි ඡායාරූප අන්තර්ජාලයට එක්වීමත් සමඟින් පිරිසක් ඒවාට උසුලු විසුලු කරමින් සමාජජාල ඔස්සේ ඔවුන්ට අපහාස වන පරිදි විවිධ පෝස්ට් නිර්මාණය කරමින් තිබුණා. ඒ පිළිබඳව බොහෝ දෙනෙකුගේ අප්‍රසාදය පළවුණු අතර මෙම පෝස්ට් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අදලා තරුණියන්ද ඔවුන්ට දෝෂාරෝපණ එල්ල කර තිබුණා. එමෙන්ම තවත් පිරිසක් පවසා සිටියේ ඇඩ්මින්වරුන් යැයි කියාගන්නා ඇතැම් පිරිස් තවකෙකුගේ වැරදි සොයමින් යන්නේ ඔවුන්ට කාලය කා දමමින් අන්තර්ජාලයේ කරන්නට කිසිදු වැඩක් නොමැති නිසා බවයි.

අප රටේ පිරිස් එලෙසින් හැසිරුණද මෙම ලාංකික තරුණියන්ගේ ඇඳුම් නිර්මාණයන් ඉතාමත් අගනාබවත් ඒවා අලංකාරයෙන් යුතු නිර්මාණ බවත් Wonder Women චිත්‍රපටය රචනය හා අධ්‍යක්ෂණය කළ Patty Jenkins නම් අධ්‍යක්ෂකවරිය ඇයගේ ට්විටර් ගිණුමේ සඳහනක් කරමින් පවසා තිබෙනවා.

මේ ඇය විසින් එම නිර්මාණ පිළිබඳව ට්විටර් ගිණුමේ කළ සඳහන හා එම ඡායාරූප හා ඇඳුම් පිළිබඳව අප රටේ පිරිස් උසුළු විසුළු කරමින් නිර්මාණය කර තිබූ පෝස්ට් කිහිපයකුයි…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!