තරු හුට පට

සනත්, චන්දිමාල්ටයි තිරිමාන්නටයි දෙහි කපයි – උපුල් තරංගව උඩ තියයි

tttttttt

දකුණු අප්‍රිකාව සමඟ පැවති සිව්වන එක්දින ක්‍රිකට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුවත් කණ්ඩායමේ නායක උපුල් තරංගට සිය 14වැනි එක්දින ශතකය වාර්තා කරන්නට හැකියාව ලැබුනා.

කෙසේවෙතත් උපුල් තරංගගේ මේ දක්ෂතාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති සනත් ජයසූරිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

උපුල් තරංගට ඔහුගේ ක්‍රිඩා දිවියේ වසර දෙකක පමණ කාලයක් අපතේ ගිය බවයි ඔහු පවසා තිබෙන්නේ.

තරංග මේ වන විට හොඳින් ක්‍රීඩා කරන බවත් කණ්ඩායමේ ක්‍රීඩකයන් සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් සනත් සඳහන් කරනවා.

එසේම ඉදිරි කාලසීමාවේදී තරංගගෙන් තවත් දක්ෂතා දැක ගැනීමට හැකි බවත් ඔහු කියා සිටියා.

දිනේෂ් චන්දිමාල් හා ළහිරු තිරිමාන්න පිළිබඳවද විශාල බලාපොරොත්තු තබාගෙන සිටියා. දැන් ඔවුන් ගැටලුවකට පත්වෙලා තියෙනවා. ඔවුන්ට සථාවර වෙන්න ඇති තරම් තරග ලබාදුන්නා” යනුවෙන්ද සනත් සඳහන් කරලා තියෙනවා.

එක්දින තරඟ සඳහා පළවන කඩුල්ල වෙනුවෙන් හොඳම සබඳතාවය වාර්තා කර ඇත්තේ සනත් ජයසූරිය සහ උපුල් තරංගයි. ඒ, ලකුණු 286ක් එංගලන්ත කණ්ඩායමට එරෙහිවයි.

hhh

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!