Gossip

“මිනිස්සු ගැණු නැතුව ගෑණු මිනිස්සු නැතුව ඕනේ තරම් ජීවත් වෙනවා, පහත් විදියට ඒවා හෝද හෝද යන්න එපා යකුනේ”

සම්පත් ජයවීර කියන්නේ කවුරුත් දන්න කවුරුත් ආදරය කරන සුපිරි රංගන ශිල්පියෙක්.

ඔහු විවාහ වී සිටින්නේ ගුවන්විදුලි නිවේදිකාවක් සමඟයි.

මේ යුවළත් විරසක වෙලා කියලා හුඟක් තැන්වල කතාබහට ලක්වුණා.

මේ දේවල් ගැන සම්පත්ගේ බිරිඳ මුහුණුපොතේ මෙවන් සටහනක් තබා තිබුණා.

මේක අතිශයින්ම මාව ලඟින්ම දන්න දවසක් හරි එකට ඉඳන් කාල බීල වැඩ කරපු මගේ හිතවතුන්ට දාන පණිවිඩයක්. මං දන්නවා මේ කාරණාව උඹලගෙන් ගොඩක් එවුන්ට මගේ මූණට අහන්න බෑ කියල. සමහරු ඒ ගැන තළු මර මර දොරවල් ලඟ වොශ් රූම් වල ලොබි වල ඉඳන් කතා කරද්දි මට ආදරේ එවුන් මගෙන් කෙලින්ම මේක ප්‍රශ්න කළා. මගෙ පවුල
සාමාන්‍ය පවුලක් නෙවෙයි. මගේත් හස්බන්ඩ්ගෙත් Sampath Jayaweeraරැකියාවේ ස්වභාවය අනූව අපේ පෞද්ගලික ජීවිත වල සමහරක් දේ පොදු කරන්න සිදු වීමම ප්‍රශ්නයක්. සමහරු අපිට ආදරේ හින්දම මේක වටින් ගොඩින් ගොඩාක් හොයලා තිබ්බ.

ඒ හින්දම ඊයේ දවසට මට ආපු 13න් වෙනි කෝල් එකටත් ඉවසීමෙන් උත්තර දීල මන් හිතුව මේක එළිපිට කියන්න. මමත් සම්පතුත් සතුටින් ඉන්නවා.

අපිට ආරවුලක් නෑ. අපේ ෆැමිලි ෆොටෝ නැත්තෙ ඇයි අපි එකට ඉන්නව පේන්නෙ නැත්තෙ ඇයි. මගේ ප්‍රොෆයිල් එකේ වෙන වෙන එවුන්ගේ පිංතූර වැඩි ඇයි කියන එක තුල අපේ පවුල් ජීවිතය විනිශ්චය කිරීමට උඹලට අයිතියක් ඇති බව මම විශ්වාස කරන්නේ නෑ සහ එහෙම විනිශ්චයක් ඔලුවක් ඇති එකෙක් කරයි කියල හිතන්න අමාරුයි.

මේක බොහොම හෘදයාංගම ඉල්ලීමක්. ඕපදූප කතා කලාට කමක් නෑ මිනිස්සුන්ගේ ජීවිත වලට බලපෑම් ඇතිවන විදියෙ දේවල් නොකර. මන් උඹලගේ ගෙවල් වල ජීවත් වෙන විදිය හොයන්න එන්නේ නැති තාක්කල් මගේ ගෙදර තත්වය උඹලට වැදගත් නෑ.

මේ පොඩි කාරණාව මොන්ටිසෝරියේ ඉඳන් විශ්ව විද්‍යාලයට වෙනකං වැරදි පණිවිඩයක් විදියට යන්න පැය 24ක් ගත වුනේ නෑ.

උඹලගේ එක අනවශ්‍ය ඕපදූපයකින් පුලුවන් පවුලක් විනාශ වෙන්න. පොඩි එකෙක්ගෙ අනාගතයක් අඳුරු වෙන්න. උඹලටත් දරුවෝ ඉන්නවනේ. මිනිස්සු ගැණු නැතුව ගෑණු මිනිස්සු නැතුව ඕනේ තරම් ජීවත් වෙනවා ඒක එහෙම උනත් මෙහෙම පහත් විදියට ඒව හෝද හෝද යන්න එපා යකුනේ. ඒ හින්ද කරුණාකරල නොදන්න අනුන්ගේ කුණු හොයන්නේ නැතුව තම තමන්ගේ වැඩක් බලාගනිල්ල. මට ආදරේ කරන රෙස්පෙක්ට් කරන අතළොස්සක් එවුන්ට ස්තූති මාව මේ වැරදි ප්‍රවෘත්තිය ගැන දැනුවත් කලාට.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!