Gossip

සමයංට දුන්නු කෝල් එක නිසා දෙලොවක් අතර අතරමං වූ බියුටි සැලුන් මංජුලා

ට්‍රනිල් බණ්ඩාර ධර්මසිරි නොහොත් බණ්ඩා නම් අය වෙඩි තබා ඝාතනය කෙරුනේ පසුගිය ජනවාරි මාසයේදීයි.

ඒ අතුරුගිරියේ පිහිටි සයොනාරා නම් රූපලාවන්‍යාගාරයේදී ෆේෂල් එකක් දමාගෙන සිටින විටදීයි.

බණ්ඩාගේ හිසට එල්ල වූ වෙඩි උණ්ඩයෙන් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

එහි හිමිකාරිය වන මංජුලා යකඩ ගැහැනිය යැයි ප්‍රදේශවාසීන් කියන්නට පටන් ගත්තේ සිද්ධිය වී දින තුනක් පමණ ගත වෙද්දී යළිත් සැලෝන් එක විවෘත කිරීම නිසාය.

එලෙස බණ්ඩා ඝාතනය වූ රූපලාවන්‍යාගාරයට කවුරුන් හෝ පිරිසක් ගිනි තබා මුළුමණින්ම විනාශ කර ඇති බවයි. ඒ වන විට බණ්ඩා තම රූපලාවන්‍යාගාරයේ ෆේෂල් එකක් දමාගැනීමට පැමිණියේයැයි පාතාලයට ඔත්තුව දුන් මංජුලා සිරභාරයට පත්වී තිබුණා.

මෙම සිද්ධියටද පසුගියදා බන්ධනාගාර බස් රථයකදී ඝාතනය වූ සමයං ගේ නමද ගෑවී තිබුණා.

ට්‍රනිල් බණ්ඩාරගේ මළ සිරුර එම්බාම් කිරීමෙන් අනතුරුව නිවෙසට රැගෙන ගියේ ඔහු සම්බන්ධව සිටි කල්ලියේ මිතුරන්ගේ කර මතින්. එදින එම නිවෙසට එක්ව සිටි ලඩියා කල්ලියේ මෙන්ම අංගොඩ ලොක්කාගේ කල්ලියේ මැරයන් අතර පුංචි වාදයක් හටගෙන තිබිණි.

එම වාදයට මුල් ව තිබුණේ මංජුලාය. එනම් බණ්ඩා ඝාතනයේ පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය තොරතුරු සොයා ගැනීමටත් පෙර කල්ලියේ සාමාජිකයන් මෙම ඝාතනයේ තොරතුරු සොයාගෙන තිබිණි.

“බණ්ඩව මරන්න සමයං ට ඉන්ෆොමේෂන් දීලා තියෙන්නේ මංජුලා. අපි ඕකිව ඉවරයක් කරලා දාමු?

කල්ලි සාමාජිකයන් කිහිප දෙනකු එලෙස යෝජනා කරද්දී තවත් පිරිසක් එයට එකඟ වුයේ නැත.

“එකට තව කල් තියෙනවා. මරන්න කලින් ඕකිට හිරේ ගිහින් එන්න අරිමු. හිරේට යනවා කියන්නේ නියම චාටර් එක නේ.”

මංජුලා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය එලෙස දෙපැත්තට වැනෙද්දී ඒ කිසිවක් නොදත් මංජුලා තමන්ගේ පාඩුවේ බියුටි සැලොන් එකේ වැඩ කරගෙන ගියේ තමා සමයං සමඟ එක්ව “ගහපු ගේම‘ කාටවත් අල්ලන්නට නොහැකි බව සිතමිනි.

එහෙත් ඒ ගේම බණ්ඩාගේ කල්ලිය මෙන්ම පොලිසිය ද හෙළිකරගෙන තිබු බව ඇය දැන නොසිටින්නට ඇත. ඒ තමා ගහපු ගේම ‘ජෙනුවින්’ යැයි සිතු නිසා විය යුතුය.

ඇයට එලෙස සිතිමට කරුණු ද කිහිපයක් තිබිණි. ඒ ඇය අතුරුගිරිය පොලිසියට කැඳවා කටඋත්තර ලබාගෙන ආපසු යැවීමත් මිරිහාන විශේෂ අපරාධ විමර්ෂණ ඒකකය ද ඇය දෙවරක් ම කැඳවා කටඋත්තර ලබාගෙන ආපහු හරහා යැවීමත් නිසාය.

ඒ අවස්ථා තුනේදීම ඇය කියා සිටියේ එකම කතාවකි. ඒ රණාලේ සමයං. අල්විස්වත්තේ පැටිමහත්තයා යන පාතාල සාමාජිකයන් තමා නොදන්නා බවත් සිද්ධිය වූ දිනයේ තමාට දිගට හරහට එකම අංකයෙන් දුරකථන ඇමතුම් දුන්නේ ෆේෂල් එකක් දමා ගැනීම සඳහා කතා කර ගැනීමට බවත්ය.

ඇය පැවසු සියල්ල බොරු බව පොලිසිය දෙවන වරට ද ඇය කැඳවා ප්‍රශ්න කොට ආපසු හරවා යවන විට ද දැනගෙන සිටියේය. එහෙත් ඇයට එලෙස යන්නට ඉඩ දෙන්නට ඇත්තේ හදවතට නොව බුද්ධියට එකඟව සිතා බලා ඇය ඇත්ත හෙළිකරාවි යන සිතුවිල්ල නිසා විය යුතුය.

ජංගම දුරකථන දත්ත වාර්ථා සහ බණ්ඩා ඝාතනයට සැකපිට ඇල්ලු දුලීප්, ගැරා සහ මද්දා යන තුන්දෙනාගේ ප්‍රකාශ වලට අනුව බණ්ඩා ෆේෂල් දමා ගැනීමට පැමිණීම සඳහා මුල්ම දුරකථන ඇමතුම මංජුලාට ලබා දුන් දිනයේ සිට ඝාතනය සිදුවන තුරුම ඇය සමයං ඇතුලු කල්ලිය සමඟ කළ ගනුදෙනුව පොලිසිය අපුරුවට හෙළිකරගෙන තිබුණේය.

තෙවන වරට ද කැඳවුම් ලබා මිරිහානට ගිය ඇය පෙර කී ව්‍යාජ කතන්දරය දිග හරිද්දී පොලිසිය ඇය අත්අංඩගුවට ගත්තේ බණ්ඩා ඝාතනයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව යටතේය.

අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ද ඇය දිගටම කියා සිටියේ බණ්ඩා ඝාතන සැලසුම පිළිබඳ තමා කිසිවක් නොදන්නා බවයි.

ඇය පවසන්නේ ඇත්තද බොරුද යන වග අපි නොදන්නෙමු. එහෙත් අද වන විට සමයං නොමැති ලෝකයේ ඇය අතරමංව ඇති බව නම් සැබැවකි.

කිහිප වතාවක්ම සිරගතව සිටි බැවින් ඇයට සිරගෙය නුහුරු නුපුරුදු තැනක් නොවන්නේය. ඇය අවසන් වරට සිරගෙට ගියේ රණාලේ සමයං ගේ ‘ගේමකට සෙට්’ වී වැඩේ අනාගත් නිසාය.

බණ්ඩා මරා දමන ‘ගේමට’ සහය දීම වෙනුවෙන් මංජුලාට ලොකු මුදලක් ලැබුණ බවට කටකතා පැතිර ගිය ද ඒ බව සාක්ෂි සහිතව ඔප්පු වී නැත. සමයං සමඟ කිසිම සම්බන්ධයක් නොමැති බව ඇය කියයි. එහෙත්…. මංජුලා සහ සමයං කල්ලිය අතර පැවැති හිතවත්කම් දන්නේ ඔවුන් පමණි.

සමයං ගේ ගේම් වලට සහාය දී හෝ නොදී ඇය අද හිරගෙදරය. කවුරුත් නොසිතු ලෙස සමයං ඇතුලු කල්ලියේ නායකයන් ඝාතනය විය. සමයං වෙනුවෙන් මංජුලා පොලිසිය හමුවේ දුන්නේ බොරු කට උත්තර නම් අද සමයං නැති ලෝකයේ ඇයට කට උත්තර නැත. කීවේ සත්‍ය වුවද ඇයට කට උත්තර නැත.

ඇය සමයංට උදව් කළේ නම් එලෙස උදව් කළේ සමයං ගේ තර්ජන වලට බියෙන් බව ඇයට කියන්නට තිබිණි. එලෙස කියා තිබුණා නම් ඇයට අද යම් සහනයක් ලබාගන්නට ඉඩ තිබිණි.

එහෙත් ඇය දිගින් දිගටම කළ පාපොච්චරණ වලට අනුව ඇය සමයං හඳුනන්නේ නැත. පැටි මහත්තයා හඳුනන්නේ ද නැත. ඇයගේ ළඟම ඥාතියකු වන කැලුම් සිරගතව සිටි බව දැන සිටියේත් නැත. මේ තිදෙනාම දුරකථන ඇමතුම් දුන්නේ සිරගෙදර සිට බව දැන සිටියේ නැත.

ඇය කිසිවක් දන්නේ නැත. එහෙත් බණ්ඩා ඝාතනය සැලසුම් කළ සමයං ඇතුලු තිදෙනා මෙලොව නොමැති බව ඇය දන්නවා ඇත. එහෙත් ඒ බව දැනගත්තද පලක් නැත. ඒ ඇය මේ වන විට සමයං එලු දැලේ පැටලී අවසන් බැවිනි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!