Gossip

“මට සමාවෙන්න අම්මේ.. මේ පාර මට ඔයාව බේරගන්න බැරිවුණා.. මමත් ඉක්මනටම ඔයා ළඟට එනවා.”

අම්මා කෙනෙක් තමන්ගේ දරුවා වෙනුවෙන් මොන තරම් කැපකිරීමක් කරනවද..
ඒ කැපකිරීම මිල කරන්න කිසිම දවසක අපි කාටවත් බැහැ.
ඒ මොන තරම් කැපකිරීම් කළත් දරුවෝ දෙමව්පියන්ට සලකන්නේ ගොඩක් අඩුවෙන්.
ඒකට මේ සමාජයෙන් කදිම උදාහරණ අපිට නිතරම අහන්න දකින්න ලැබෙනවා.
එවන් මිනිසුන් මැද තමන්ගේ අම්මව පණ වගේ රැකගත්තු දරුවෙකුගේ සංවේදී කතාවක් ගැන අපිට මුහුණුපොතෙන් දකින්න ලැබුණා.
Sakuna Charunya නමැති තරුණයෙක් සිය මවගේ ඡායාරූප මුහුණුපොතට දමමින් මෙවැනි සටහනක් තබා තිබුණා.
“මට සමාවෙන්න අම්මේ.. මේ පාර මට ඔයාව බේරගන්න බැරිවුණා.. මමත් ඉක්මනටම ඔයා ළඟට එනවා.. ඔයා නැතිව මට ජීවත් වෙන්න කියලා දුන්නේ නෑ කවුරුත්. සමාවෙන්න රත්තරන් අම්මේ.. ජාති ජාතිත් මගේම වේවා””
මොහු වසර පහක් පමණ ලෙඩ ඇදට වැටුණු මේ අම්මව පණ වගේ බලාගෙන තිබුණා.
ඒත් පසුගියදා මේ අම්මා ජීවිතයෙන් සමුඅරන්.
ඒ ගැන ඔහු දැමූ සටහනත් සමඟ මුහුණුපොත පුරාම කතාවෙන්න පටන් අරගෙන තිබුණා.

එහි ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!