Gossip

“කතා කරන්නත් අමාරුයි…..මං කාන්තාරයක තනිවුණා වගේ“

රුවන් වික‍්‍රමසිංහගේ  කියන්නේ “චාතුර්යයා“ ටෙලි නාට්‍ය නිසා බොහෝ දෙනෙකු හඳුනාගත් ටෙලි නළුවෙක්නේ. කොහොමස හරි ඔහුගේ මෑණියන් පසුගිය සතියේ අභාවප‍්‍රාප්තවෙලා තියෙනවා.

රුවන්ගේ මව මියයන විට ඇය සිටියේ 73 වන වයසේ කියලයි ආරංචිය.  මේ සිද්ධිය නිසා ඇතිවූ කම්පනය හා සිත් සසලවීම නිසා දින කිහිපයක් යනතුරු කථාකරගන්නත් බැරිව
සිටියා.

කොහොම හරි මවගේ ඉල්ලීම පරිදි දේහය ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට යොමු කළ නිසා විශේෂ අවමංගල උත්සවයක්ද ඇය වෙනුවෙන් පවත්වා තිබුණේ නෑ කියලයි ආරංචි වුණේ.

කොහොම හරි රුවන් මේ  ගැන මෙසේ කියා තිබෙනවා.

‘අම්ම මාව දාල ගියා කියන එක තාම මට අදහගන්න බෑ. කතා කරන්නත් අමාරුයි.මං කාන්තාරයක තනිවුණා වගේ.මගේ ජීවිතේම නතර වෙලා.පවුලෙ හැමෝම අම්මට එක වගේ ආදරෙයි. ඒත් අම්මට මං ගැන විශේෂයක් තිබුණ මං බාලයා නිසා.මගේ විවාහය ගැන තමා එයා නිතර හිතුවේ.

මං යාළුවෙලා ඉන්න කෙනාව ඇයට පහුගිය දවස්වල අඳුන්වල දීලයි තිබුනේ. එයා ගැන අම්මා සතුටුයි.ඒත් අපේ විවාහය ඇය නැතිවෙන්න කලින් සිදුකරන්න බැරිවීම ගැන දුකයි. අම්මා 25 වෙනිදා නැතිවුණා. 26 වෙනිදම අපි ඇගේ අවසන් කැමැත්ත විදිහට ආයුර්වේද වෛද්‍ය විද්‍යාලෙට සිරුර භාර දුන්නා.ඇගේ නික්මයාම තවම හීනයක් වගේ…’

 

1 2 cvr

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!