Gossip

විග්නේෂ්වරන්ගේ පුතා එක්ක ජාතිවාදයට එරෙහිව ඉරාජ් කියපු ගීතය මෙන්න

cvr

පසුගිය දිනවල මියුසික් වීඩියෝවක් හේතුවෙන් කතාබහට ලක් වූ සංගීත ශිල්පී ඉරාජ්, තම ෆේස්බුක් පිටුව ඔස්සේ අමුතුම හෙළිදරව්වක් කර තිබෙනවා.

ඒ මීට කාලයකට ඉහත දී ජනප්‍රියත්වයට පත් ඉරාජ් ගේ පළමු මියුසික් වීඩියෝව වන “J Town Story” ගීතය පිළිබඳව යි.

එම ගීතයට දමිළ රැප් ගායනයෙන් දායක වී ඇත්තේ උතුරු මහ ඇමති විග්නේශ්වරන් මහතාගේ පුත්‍රයාවන යෞවනන් විග්නේශ්වරන් නමැති තරුණයා බවට යි ඉරාජ් මෙහි සඳහන් කර තිබෙනවා

ජාතිවාදයට සහ යුද්ධයට එරෙහි ගීයක්වන මෙය නිර්මාණය කර ඇත්තේ සිංහල, දමිළ සහ මුස්ලිම් තරුණයන් තිදෙනෙකු ගේ එක් වීමෙන් බව ද ඉරාජ් පවසනවා.

එකළ ඔවුන්ට ජාතිවාදය ගෑවිලාවත් නොතිබූ බව පවසන ඉරාජ් වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ ගීතයෙන් පැවසෙන ආකාරයටම අදත් අවශ්‍ය වන්නේ සාමය බව යි.

ඉරාජ්ගේ ප්‍රකාශය සහ එම මියුසික් වීඩියෝව පහතින්

j town story

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!