Gossip

ගිනියම් රැයේ රඟපෑවට චමත්කාගේ මව කණට ගැහුවාද? ඇත්ත මෙන්න

cvr

ගිනියම් රෑ මියුසික් වීඩියෝවත් එක්ක චමත්කගෙ නම දැන් ගොඩක් ඇහෙනවා නේද?

ඔව්, මං නිරූපණ ක්‍ෂේත්‍රයට ඇවිත් ගොඩක් කල්. ඒත් මං ගැන හැමෝම කතා කරන්න ගත්තෙ ඉරාජ්ගෙ වීඩියෝ එක කළාට පස්සෙ.

ආන්දෝලනාත්මක නිරූපණයක් කළේ ලංකාවේ හිට් කැරැක්ටර් එකක් වෙන්නද?

මට අමුතුවෙන් හිට් එකක් වෙන්න ඕනෑ නෑ. මං ගැන ක්‍ෂේත්‍රයේ බහුතරයක් අය දන්නවා.

නොදන්න අයටත් දැනගන්න ඒ ටිකත් කියමු බලන්න?

මම මුලින්ම ආවේ නිරූපණයට. 2015 අවුරුද්දේ මිස් ටීන් ඔෆ් ඒෂියා පැජන්ට් එකට ගියා. මේ අවුරුද්දේ සයිප්‍රස්වල පැවැත්වුණු මිස් ග්‍රෑන් ටීන්වලට ගියා. ඊට පස්සෙ මේ අවුරුද්දෙ මිස් ඒෂියා තරගෙට සහභාගි වුණා.

එතකොට චමත්කා ලංකාවේ තරගවලට සහභාගි වෙන්නෙ නැද්ද?

ලංකාවෙ පසුගිය දවස්වල තිබ්බ බියුටි පැජන්ට් ගැන නම් විශ්වාසයක් නෑ. මෙහෙ තරගවලට ආරාධනා ආවා. ඒත් මෙහෙ තරගවල දිනන අයට වඩා අනිත් අය දක්‍ෂයි. මොකද දිනන්නේ ෆ්ලේවරේෂන්වලින්නෙ.

මියුසික් වීඩියෝවලට ආවෙ කොහොමද?

ෆයින් මීඩියා එකේ ලක්‍ෂාන් අයියගෙ වැඩක හිටියා. ඊට පස්සෙ සිකුරුලියා ගීත රූප රචනයෙ නිරූපණයක් කළා.

ඉරාජ් ඇත්තටම චමත්කව ගිනියම් කළාද?

මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ඉරාජ්ගෙ ‘ගිනියම් රෑ’ රූප රචනයෙන් පස්සෙ සමහර අය මට බනින්න පටන් අරගෙන. මේ වීඩියෝ එක අධ්‍යක්‍ෂණය කළේ ප්‍රයංග එම්. රණසිංහයි.

ඒවගේ සමලිංගික දර්ශනයක් නිරූපණය කරන්න හිත හදාගත්තෙ කොහොමද?

ඔය වගේ සිද්ධි අද සමාජයේ සාමාන්‍ය සිදුවීම්නෙ. මට ඕනෑ වුණා සමාජය ගැන තියෙන බැරියර් කඩාගෙන යන විදියෙ වැඩකට.

බැරියර් කඩාගෙන යන්න ගිහිල්ලා අම්මගෙන් කනේ පාරක් වැදුණා කියන කතාව ඇත්තක්ද?

බොරු කතා. සමාජ අඩවිවල බොරුනෙ පළ කරන්නෙ. අපේ අම්මා ලංකාවෙත් නෑ.

මෙහෙම රඟපෑවට ගෙදරින් අකැමැත්තක් තිබුණෙම නෑ කියලද කියන්නේ?

අනේ ඔව්, ගෙදරින් මගේ නිරූපණ කටයුතුවලට කිසි බාධාවක් නෑ. මගේ තාත්තත් මේ ක්‍ෂේත්‍රයේම කෙනෙක්.

ක්‍ෂේත්‍රයේ අය නම් කියන්නෙ ඔබ සල්ලි හින්දාම විතරක් මෙහෙම දර්ශනවල පෙනී හිටිය කියලයි?

චමත්කා සල්ලි හින්දම විතරක් වැඩකරන කෙනෙක් නෙවේ. අනෙක් අයට වගේ මට ඩිසයිනස්ල නෑ. පැජන්ට් එකකට යන්න අනුග්‍රාහකයෙක්වත් මට නෑ. මගෙ සල්ලිවලිනුයි මම වැඩකරන්නෙ.

‘ගිනියම් රෑ’ වීඩියෝ එක රිලීස් එකත් එක්කම ගැහැනු ළමයිගෙ ප්‍රතිචාර කොහොමද?

ගැහැනු ළමයි නම් මට වැඩිපුර බනිනවා. මම සමලිංගිකත්වය ප්‍රචාරණයට වීඩියෝ එකක් රඟපෑවේ නෑ. ඒ හින්දා ඒ බැනුම් මට වදින්නෙ නෑ.

ලැබුණු ජනප්‍රියත්වය හින්දා චිත්‍රපට අධ්‍යක්‍ෂවරු චමත්කාව රඟපාන්න ගන්න පොරකනව ඇතිනෙ?

මට කලිනුත් චිත්‍රපට දෙකක රඟපාන්න ආරාධනා ආවා. ඒවා භාර අරගෙන ඉවරයි. ඒ වැඩ ටිකක් ඉස්සරහට තියෙනවා.

චිත්‍රපටවලත් චමත්කව මේ විදියට කතාබහට ලක්වෙයිද?

මම කැමැති ඊළඟ වැඩේ මීට වඩා වෙනස්ව කරන්න. මොකද මම ඉන්ටර්නැෂනල් පැජන්ට්වලට ගිහින් ඒ අත්දැකීම් තියෙන නිසා ඒ වගේ වැඩ කරන්න ආසයි.

ක්‍ෂේත්‍රයේ අමුතු වැඩ කරනවට ආදරවන්තයගෙන් ප්‍රශ්නයක් නැති එක කොච්චර දෙයක්ද නේද?

ඒකට මගේ උත්තරේ ඔව් කියන්නත් බෑ. නෑ කියන්නත් බෑ. අනාගතයේදී කියන්නම්

උපුටා ගැනීමකි

නදීෂ නිර්මාණ හේරත්

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!