Gossip

“මට දැන් ලෝකයේ හොඳම මිනිසුන් දෙන්නෙක් සිටිනවා” – අලුත උපන් කුමරාව මාධ්‍ය හමුවට ගෙන එමින් මේගන් – හැරී කිව්ව කතාව

සසේක්ස් ආදිපාදවරිය වන මේගන් මාකල් කුමරිය පසුගියදා බිලිඳු පුතෙකු බිහි කළා.

මෙලෙස බ්‍රිතාන්‍ය රාජකීය පවුලට එක්වූ අලුත්ම කුමරුට තැබිය යුතු නම ගැන තවමත් සිතමින් සිටින බවයි හැරී කුමරු මාධ්‍ය අමතා කියා සිටියේ.

මෙම කුමරු එලිසබත් රැජිනගේ අටවැනි මී මුණුපුරා ය.

අලුත උපන් කුමරුගේ මව වන මෙගන් මාකල් ආදිපාදවරිය උපත ලබා ඇත්තේ එක්සත් ජනපදයේ වන අතර එම නිසා මෙම කුමාරයා මහා බ්‍රිතාන්‍යයේ මෙන්ම එක්සත් ජනපදයේ ද පුරවැසිභාවය හිමි කර ගැනීමට උරුමය ඇති බැවින් ඔහුට ද්විත්ව පුරවැසිභාවය හිමි රාජකීය බිලිඳෙකු බවට පත්වීමේ හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අලුත උපන් පුත් කුමරා අද දිනයේ මාධ්‍යය ඉදිරියට ගෙන එන අතර මේගන් මාකල් සහ හැරී එහිදී අදහස් දැක්වූවා. දෙමව්පියන්ගේ පළමු දවස් කිහිපය සම්බන්ධයෙන් මාධ්‍යයෙන් විමසූ විට මේගන් මාකල් කියා සිටියේ ඇත්තෙන්ම එය පුදුම සහගතයි. මට ලෝකයේ හොඳම මිනිසුන් දෙන්නෙක් සිටිනවා. ඒ නිසා ඇත්තටම මම සතුටට පත්වෙනවා කියලායි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!