Gossip

මාතර පාලමක් යට බුර්කාවක් ඇඳගත් කාන්තාවකගේ රුවක් ඇන්දේ කවුද? හේතුව මොකද්ද?

මාතර වැල්ලමඩම පාලමේ යට කොටසෙහි කිසිවකු විසින් බුර්කාවක් පැළදගත් කාන්තාවකගේ චිත්‍රයක් ඇඳ තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ධීවරයින් පිරිසක් විසින් ආරක්ෂක අංශ වෙත දැනුම් දීමක් කර තිබෙනවා.

අදාළ චිත්‍රයේ දැක්වුණේ අතේ ටින් එකකට සමාන දෙයක් තබා ගෙන සිටින රුව වම් අත පාලමේ උඩට හරවා එක් ඇගිල්ලක් පාලමේ උඩට දික්කර ගෙන සිටින අයුරුයි. නමුත් එය කිසිවෙකු විසින් පසුව මකාදමා ඇති බවට ප්‍ර දේශවාසීන් සඳහන් කරනවා.

විශේෂයෙන්ම ධීවර ජනතාව කුපිත කිරීමට මෙලෙස ධීවරයන් ගැවසෙන ස්ථානයක මෙය කිසිවෙකු විසින් අඳින්නට ඇති බවට ප්‍රදේශවාසීන් පවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!