Gossip

කාන්තා ඇමති චන්ද්‍රානිගෙන් රෝසිට කැපිල්ලක්!

cover

දේශපාලන පිටියේ සිදුවන කැපිලි කෙටිලි හතර වටින් ඇසෙද්දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය කරන රෝසී සේනානායකට සිදුව ඇති අලුත්ම කැපිල්ලක් ගැන තොරතුරු වාර්තා වෙනවා.

රෝසි සේනානායක කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ කැපී පෙනෙන කාන්තා චරිතයක්. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේ. කොහොම වුණත් පහුගිය මහමැතිවරණයෙන් ඇයට පාර්ලිමේන්තුවේ ආසනයක් හිමිකර ගැනීමට නොහැකිවීමත් එක්ක ඇය ගැන මාධ්‍ය තුළ තිබුණු කතා බහෙත් අඩුවක් තිබුණා.

ඒත් ඇය ගැන මෑතකදී කතා බහක් මතුවුණේ හදිසියේ අභාවප්‍රාප්ත වූ එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ පාර්ලිමේන්තු අසුන රෝසි සේනානායකට ලැබෙයි කියලා. අන්තිමේදී රෝසිට සිද්ධ වුණේ පාඩුවේ තමන්ගේ වැඩේ කරගෙන යන්නයි. රෝසීට පාර්ලිමේන්තු අසුන අහිමි වීම වළක්වන්න ඒ වන විටත් පක්ෂය ඇතුළේම කිහිප දෙනෙකු මුලික කටයුතු නිමකර ඇති බවයි වාර්තා වුණේ.

මේ කතා අතරේ රෝසි සේනානායකට ලැබුණු තවත් අවස්ථාවක් තරුණ කටයුතු ඇමති චන්ද්‍රානි බණ්ඩාරගේ මැදිහත්වීමෙන් අහිමි වී යන පුවතක් ගැනත් තොරතුරු වාර්තා වුණා.

අමෙරිකාවේ, නිව්යෝර්ක් නුවර මාර්තු 13 සිට 24 දක්වා පැවැත්වෙන කාන්තා වැඩමුළුවකට යන්න අවස්ථාවක් රෝසිට ලැබිලා තිබෙනවා. ඒත් අවාසනාවකට ඒ අවස්ථාවත් කාන්තා කටයුතු ඇමතිනියගේ එක පෑන් ඉරකින් අහිමි වී ගිය බවයි ආරංචි වුණේ. ඒත් එක්කම කාන්තා ඇමතිවරියගේ අණට උඩින් යන්න බැරි රෝසිට  ආයෙමත් සුපුරුදු වැඩේ කරගෙන පාඩුවේ ඉන්න සිද්ධ වෙලා කියලයි වැඩිදුරටත් ආරංචි වුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!