Gossip

උකුස්සා මරාදැමූ නරුමයින් දෙදෙනෙක් කොටු

උකුස්සෙකු වද හිංසනයට ලක් කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද(10) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් වද හිංසා දෙමින් උකුස්සෙකු මරා දැමීම පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පසුගිය දින වල තොරතුරු වාර්තා වී තිබුණි.

හබරාදූව, බඹගල පාලම අසළ ප්‍රදේශයේ දී මෙය සිදුව තිබූ බවට අනාවරණය වුණි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය විමර්ශනයක් ආරම්භ කළ අතර වන සත්තු හා වෘක්ෂ ලතා ආරක්ෂණ ආඥා පනත යටතේ වරදක් සිදුකිරීමේ චෝදනාව මත සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ රාත්‍රී කදුරුදූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

සැකකරුවන් ගාල්ල, නුගදූව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි දෙදෙනෙකු බව සඳහන්ය.

හබරාදූව පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!