Gossip

“වෙලාවකට හිතෙනවා ආදරය කියන්නෙ බොරුවක්‌ කියලා” – රොෂානා ඔන්ඩච්චි

රොෂානා ඔන්ඩච්චි කියන චරිතය කවුරුත් දන්න හඳුනන රංගන ශිල්පිණියක්. කාලයක් රංගනයෙන් ඉවත් වෙලා හිටිය රොෂානා නිරන්තරයෙන්ම නොදැක්කත් ඇය ගැන කතා ගොඩක් දෙනෙක් කතා කරනවා. ඇය ඇයගේ ආදරේ ගැන පුවත්පතකට කියලා තිබුණේ මේ විදියට.

රොෂානා ආදර හිතක්‌ හමුවුණ පළමු දවස තවමත් මතකද ?
ඉස්‌කෝලෙ යන කාලෙ මම හිතාගෙන හිටියෙ කන්‍යා සොයුරියක්‌ වෙනවා කියල. ඒ සිතුවිල්ලේම සිටි මට පාසල් වියේ නම් ප්‍රේමයක පටලැවෙන්න හිතුණේම නැහැ. ඒත් පසුකාලයක මට දැනගන්න ලැබුණා මම දන්න කෙනෙක්‌ මා ගැන ආදර හිතකින් හිටියා කියල. ඔහු ප්‍රසිද්ධ කෙනෙක්‌. ඒත් අපි කවදාවත් ආදරයක්‌ ගැන කතා කරල නැහැ.

රොෂානා පෙම්වතියක වෙන්නෙ කලාවට පිවිසියට පසුවද ?
ඔව්. එතකොට මට අවුරුදු විස්‌සක්‌ විතර ඇති. මට ආදරය ඉස්‌සරලාම හමුවුණේ මනූෂගෙන්. ඒ කාලයේ මම ඒ ආදරය උපරිමයෙන් වින්ද. නමුත් පසු කාලයකදී මට ඒ ආදරය අහිමි වුණා. ඊට පස්‌සේ මම ආදරය වින්දේ මගේ දුවගෙන්.

නමුත් පසු කාලෙක රොෂානා නැවතත් පෙම්වතියක වෙනවා නේද ?
තනිවෙලා හඬාවැටෙමින් කවදාවත් ආදරයක්‌ නොපතා ඉන්න හිටපු කාලයකුත් මට තිබුණා. ඔය විදිහට ජීවිතය ගලායද්දි මම ආයෙත් හිතුවා මම මගේ ජීවිතය යළි ගොඩනගන්න ඕනෑ කියලා. ඒ නිසා මට ආදරේ කළ හිතකට මමත් ආදරේ කරන්න පටන් ගත්තා.

රොෂානා කියන්නේ ඒ ආදරය ඔබගේ ජීවිතයට යළි ශක්‌තියක්‌ වූ බවද ?
මට හිතෙනවා. නැවතත් පටන් ගත්ත මගේ රංගන කටයුතුවලට එයාගෙන් මට දිරියක්‌ ලැබුණා. අපි ආදරෙන් ගෙවූ කාලයක්‌ තිබුණා. ඒත් පෙර ආදරය නිසා මගේ හිතේ තියෙන කලකිරීමත් එක්‌ක මගේ හිත යම්යම් තැන්වල දුර්වල වුණාද කියලත් මට හිතෙනවා. මම කොහොමටත් ආදරය කරන්න පටන් ගත්තම ඒ පුද්ගලයාට වදයක්‌ වෙන තරමට ආදරය කරන ආදරය හොයන කෙනෙක්‌.

මේ වෙද්දි රොෂනා අලුතින් ජීවිතයට ලැබුණ ආදරයටත් සමුදෙන්න සූදානම්ද?
ජීවත් වෙන්න ආදරය ඕනෑ තමයි. ගැහැනියකගේ දිවියකට හැබෑ ආදරය කියන්නෙ ශක්‌තියක්‌ රැකවරණයක්‌. ඒත් විශ්වාසය බිඳුන දවසක ආදරයකට පවතින්න අමාරුයි. අපි අතරට ආව තුන්වැනි පාර්ශ්වයක්‌ ඔහුට මගේ අඩුපාඩුකම් කියන්න පටන් අරන් තිබුණා. මේ තත්ත්වය දරාගන්න බැරිතැන මම තීරණයක්‌ ගත්තා.

තවත් කෙනෙකුට ඇතුළුවී ඔබලාගේ ආදර හිත් බිදදමන්න තරම් දෙදෙනා අතර බැදීම සරල වුණාද ?
මෙහෙමයි මම විවාහවෙලා දරුවෙක්‌ ඉන්න කෙනෙක්‌. මා වැනිම කෙනෙක්‌ ඔහුට කියන්න ගත්තම මම වගේ විවාහ වූ කෙනෙක්‌ ඔහුට ගැළපෙන්නේ නැහැ කියල. එවැනි බලපෑමකින් සැලෙන හිතක්‌ ගැන විශ්වාස කරන්නෙ කොහොමද කියන ප්‍රශ්නය මට ඇතිවුණා.. මම උපරිමයෙන් උත්සාහ කළා ඒ ආදරේ රඳවා ගන්න. හැම උත්සාහයකම කෙලවර තිබුණේ අපේ වෙන්වීම නම් මම ඒකට ඉඩ හැරියා.

මේ හැමදෙයක්‌ ගැනම ඔබ අද කලකිරිලාද ?
වෙලාවකට හිතෙනවා ආදරය කියන්නෙ බොරුවක්‌ කියලා. ඒත් මම අවට සමාජයේ හොඳින් ආදරය කරන ආදරය ලබන ආදරය විඳින පෙම්වතුන් මම දකිනවා. මට එවන් අවංක ආදරයක්‌ විඳින්න වරම් නැතිව ඇති .

හෙට දවසේ රොෂානාව සොයාගෙන ආදරයක්‌ පාවා ආවොත් පිළිගන්න සූදානම්ද?
මට තවත් ආදරය නිසා දුක්‌ විදින්න බැහැ. මම ආයෙමත් කා සමගවත් ආදරයෙන් බැඳෙන්නෙ නැහැ. මට නිදහසේ මගේ දුවත් එක්‌ක ජීවත්වෙන්න වුවමනා හැම දෙයක්‌ම තියෙනවා. හෙට දවසේ මම මගේ කාලය මගේ කලා කටයුතු වෙනුවෙන් වැඩියෙන් වෙන්වෙයි. මම හැමදාමත් කළේ ආදරය නිසා මගේ රංගන දිවියේ ඉදිරිය කැප කළ එක. ආයෙමත් මම එතනට යන එකක්‌ නැහැ

රොෂානා පෙම්වතියක වූ අතීතයේ ලද කුළුදුල් සැමරුම අදටත් මතකයේ තියෙනවාද ?
ඔව්. ඒ අතීතය මට අමතක නැහැ. එයා මට කාර්යාලයට අදින්න නිල්පාට ඇදුමක්‌ තෑගි දුන්නා. මම එයාට දුන්නෙ සුවඳ විලවුන් වර්ගයක්‌.

ආදරය කරන්න ආදරය විදින්න මේ වගේ කෙනෙක්‌ තෝරගත යුතුයි කියන හීනයක්‌ දිගේද රොෂානා ආදරය හෙව්වේ ?
ඔව්. මගේ හිතේ චිත්‍රයක්‌ තිබුණා එයා ඉගෙනගත්ත දක්‌ෂ කෙනෙක්‌ විය යුතුයි කියන එක. ඔහු උසස්‌ පෙළට ගණිත විෂයන් හදාරල තියෙන්න ඕනෑ කියලත් මට හිතුණා. මට ඒ වගේම කෙනෙක්‌ තමයි හමුවුණේ. මගේ ඒ තෝරාගැනීමේ ප්‍රතිඑල මට තියෙනවා. අපේ දුව එයා වගේම හැකියාවන් තියෙන දරුවෙක්‌

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!