Gossip

සිද්ධිය ගැන දැනගෙන අන්තිම දවස සෙල්ලම් කරලත් නෑ, තරඟ තහනම ආවේ තරඟ පාවාදුන් චෝදනාවට නෙවෙයි – චාමර සිල්වාට මොකද වුනේ ?

පසුගිය දිනෙක ශ්‍රී ලංකාව තුල පැවැත්වුණු පළමුපෙළ ප්‍රිමියර් ලීග් තරඟාවලියකදී පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර ක්‍රීඩා සමාජය අතර පැවැති තරගයකදී සිදුවූ තරග පාවාදීමේ සිදුවිම පිළිබඳව මේ දිනවල මහත් ආන්දෝළනයක් ඇතිව තිබෙනවා.

මෙම තරඟ පවාදීම සම්බන්ධයෙන් කළ විමර්ශනයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අදාළ කණ්‌ඩායම් දෙකෙහිම නායකයන් දෙදෙනාට වසර දෙකක ක්‍රිකට්‌ තහනමක්‌ පනවා තිබෙන අතර එම තීරණය ක්‍රීඩා විචාරකයන් , ප්‍රවීණයන් මෙන්ම හිටපු ක්‍රීඩකයන් අතරද අප්‍රසාදයට ලක්ව තිබෙනවා.

 

මේ අනුව හිටපු ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ ක්‍රීඩක චාමර සිල්වා සහ කළුතර පී.සී.සී. ක්‍රීඩා සමාජයේ නායකයා වූ මනෝඡ් දේශප්‍රියට වසර දෙකක ක්‍රිකට්‌ තරග තහනමක්‌ පනවා තිබෙන අතර අදාළ තහනම අනුව ඔවුන්ට එම කාලයේදී ක්‍රිකට්‌ සම්බන්ධ කිසිදු කටයුත්තකට නියැලීමට නොහැකි බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් මේ සම්බන්දයෙන් චාමර සිල්වාට එල්ල වූ දඩුවම අසාධාරණ බවයි ප්‍රවීන ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම පවසා ඇත්තේ.

අදාළ තරගයේ අවසන් දිනයේ තරග පවාදීමක් සිදුවීමට නියමිත බව දැනගත් වහාම චාමර සිල්වා එම තරගයෙ අවසන් දින ක්‍රීඩා කිරීමට ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු උදරාබාධයක් යැයි පවසා නිවසේ නතර වී තිබෙනවා. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ පිළිබඳව දන්වා ඇති නිවේදනයේ සඳහන් වන්නේ ඔවුන් මෙලෙස තරඟ තහනමට ලක්කර ඇත්තේ තරඟ පවාදීමේ චෝදනාවට නොව, විෂමාචාරය හා ක්‍රීඩාවේ ජීවගුණයට පටහැනිව කටයුතු කිරීම යන හේතු නිසා බවයි.

කෙසේ නමුත් තරග පාවාදීම සැළසුම් කළ පානදුර ක්‍රීඩා සමාජය සහ කලුතර ක්‍රීඩා සමාජය වන අදාළ ක්‍රීඩා සමාජ දෙකෙහි බලධාරීන්ට මෙහිදී කිසිදු දඬුවමකට යටත්ව නොතිබීම ද විශේෂත්වයක් වන අතර සැබැවින්ම දඬුවමකට ලක් විය යුත්තේ තරග පවා දීම සැළසුම් කළ නිළධාරීන් බවත් , තරග පාවාදීම ප්‍රතික්ෂේප කළ චාමර සිල්වා නොවන බවත් හිටපු ක්‍රීඩකයන් පවසනවා.

මේ අතර චාමර සිල්වාට ලබාදුන් වසර දෙකක තරග තහනම සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක මහේල ජයවර්ධනද සිය අප්‍රසාද පළ කර තිබුණේ ට්විටර් ගිණුම ඔස්සේ සටහනක්‌ තබමින්. ඔහු එහි සඳහන් කර ඇත්තේ මේ තහනම නිලධාරීන්ට ලබා නොදීම ගැන තමා පුදුමයට පත්වන බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!