Gossip

ටෙලි නාට්‍යයේ වගේම මමත් මේ ලෝකේ දුවත් එක්ක තනිවුණ අම්මා කෙනෙක් – රොෂානා ඔන්ඩච්චි

රොෂානා ඔන්ඩච්චි කියන්නේ පුංචි තිරයේ දඟකාරා රංගන ශිල්පිනියක්. ඇය පිළිබදව මේ දිනවල වැඩියෙන් කතාවෙන්නේ ටී.වී දෙරණ නාලිකාවේ විකාශයවන සිදු හි තමාලි සිරිවර්ධනගේ චරිතය නිසායි. දඟකාර රොෂානා තැන්පත් අම්මා කෙනෙක් වුනේ කොහොමද? ඒ ගැන ඇය පුවත්පතකට මෙලෙස අදහස් දක්වා තිබුනා.

ඔබ සිදූ නාට්‍ය හරහා තැන්පත් අම්මා කෙනෙක් විදිහට රඟපානවා. මොකද්ද වෙනස?

ඇත්තටම තමාලිගේ චරිතය මට ලැබුනු අභියෝගයක්. තිරණාත්මක චරිතයක්. තමාලි චරිතය රොෂානාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය කිව්වොත් හරි.

රොෂානා ඔන්ඩච්චි කියන්නේ සැබෑ ජිවිතයේ තමාලි සිරිවර්ධන වගේ අම්මා කෙනෙක්ද?

රොෂානයි තමාලී අතර සමානකම් ගොඩයි. මමත් දුවෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒ වගේම තමාලි වගේම මමත් මගේ දුවත් එක්ක මේ ලෝකේ තනිවුන අම්මා කෙනෙක්. තමාලිට මහත්තයා හිටියත් නෑ වගේ. සැබෑ ජිවිතයේ මමත් අත්විඳින්නේ සැමියෙකු නැති තනිවුන අම්මා කෙනෙක්ගේ අත්දැකීම්.

තමාලි නිසා රොෂානා වෙනස් වෙලාද ?

මම කලක් පෙම්වතිය වුනා..ඊට පස්සේ හාස්‍යජනක නිළියක් වුනා. රොෂානාව ආදරණීය මවක් කලේ තමාලි. තමාලිගේ චරිතය මට හොදට ගැලපෙනවා. මග තොටේ දකින අයත් ඒකම කියනවා. ඒ නිසා මමත් දැන් හැසිරෙන්නේ තමාලි වගේම තමයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!