Gossip

රජයේ රෝහලට එන ලෙඩ්ඩුන්ව අසරණ කර පෞද්ගලික ප්‍රතිකාර කරපු වෛද්‍යවරයෙක් මාට්ටුවී පසුපස නොබලා දුවපු හැටි

සයිටම් ආයතනයට විරෝධය පල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වූ සරසවි සිසුන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් වර්ජනය ආරම්භ කළා.

මෙම වර්ජනය පැවතුනත් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළත් දිවයිනේ බොහෝ රෝහල්වල කටයුතු අඩපන වීමෙන් රෝගීන් දුෂ්කරතාවට පත්ව සිටිනවා.

මෙලෙස වැඩවර්ජනය ක්‍රියාත්මක වන අතරතුර ගලේවෙල රෝහල ඉදිරිපිට ඇති පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක අද පෙරවරුවේ වෛද්‍යවරයෙකු ප්‍රතිකාර කටයුතු සිදු කර තිබෙනවා.

එම ස්ථානයට මාධ්‍ය කණ්ඩායම් ගිය අවස්ථාවේදී කලබල වූ වෛද්‍යවරයා පැවසා ඇත්තේ තමන් වර්ජනයක් පිළිබඳව නොදන්නා බවයි .

එලෙස පැවසූ වෛද්‍යවරයා ගලේවෙල රජයේ රෝහල වෙත ඉතාමත් ඉක්මනින් දිවයන අයුරු කැමරා කාචයේ සටහන්ව තිබෙනවා.

මේ එහි වීඩියෝවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!