Gossip

බදින්න කලින් ඇහැව්වා බදින්නේ කවදද කියලා දැන් අහනවා තාත්තා කෙනෙක් වෙන්නේ කවදද කියලා

ඔබ අලුත් වැඩකට අත ගහලා කියලා ආරංචියි?

අලුත් වැඩක් කියලා කියන්න බැහැ. මේ වැඩේ ආරම්භ කළේ කාර්ය බහුල කමත් එක්ක. ඒ නිසා වැඩේට ලොකු කාලයක් යොදවන්න බැරි වුණා. ආයෙමත් ඒ වැඩේ ආරම්භ කළේ වැඩි කාලයක් ඒ වෙනුවෙන් කැප වෙලා රට පුරා ව්‍යාප්ත කරන්නත් හිතාගෙනයි.

හරි දැන් අපි කියමුකෝ මොකක්ද ඔය වැඩේ කියලා?

“Health and fitness with Roshan Ranawana” නමින් ක්‍රියාත්මක වැඩසටහනක්. කමල් ජයතිලක කියලා යෝග්‍යතා උපදේශකවරයෙක් මේ සඳහා මාත් එක්ක එකතු වෙනවා. අපි මේ වැඩසටහන තුළින් ශරීර සෞඛ්‍යය හා යෝග්‍යතාව ගැන ජනතාව දැනුවත් කිරීමක් කරන්නේ. මෙය මිනිසුන් නොදන්නා දෙයක් පිළිබඳ කියා දීමට වඩා අමතක කර දැමූ දෙයක් යළි මතක් කර දීමක් කිව්වට වැරදි නැහැ. අද වන විට බොහොම නිරෝගී ජීවිත ගෙවන වයස 70 අය ඉන්නවා. ඒත් ශාරීරිකව දුර්වල අවුරුදු 30-35 අයත් ඉන්නවා. ආහාර රටාවක් නැති විම, ව්‍යායාම්වලින් දුරස්වීම. මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතයට වැඩි
නැඹුරුතාවක් දැක්වීම ආදී කරුණු ඊට හේතුවක් වෙලා. අවබෝධයක් ලබාදී ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමයි මේ වැඩසටහන යටතේ කරන්නේ.

අද පාසල් ළමුන්ට පවා ටියුෂන් තරගය හින්දා ක්‍රීඩාවට වෙලාවක් හොයා ගන්න බැහැ. රැකියා කරන අයට මේ ගැන හිතන්නවත් බැහැ. ඒ වගේ පසුබිමක ඔබේ වෑයම හරි යයිද?

රූප රාජිනියන් හදන්නවත් සික්ස්පැක් ඇඟවල් තියෙන කායවර්ධන ශිල්පීන් හදන්නවත් ‍නෙවෙයි මම මේ වැඩසටහන පටන් ගත්තේ. කවුරුත් නිදහසට මොන කාරණා කිව්වත් අපිට යම් තරමකින් හෝ ශාරීරික ව්‍යායාම්වල නිරත වෙන්න බැරි කමක් නැහැ. උදාහරණයක් විදියට අපි හිතමු කාර්යාලයක සේවය කරන කෙනෙක් ගැන. එයා දවස පුරා ඹ්ඪටබ එක පාවිච්චි කරනවා. හැබැයි එයාට පුළුවන් තමන්ගේ ආයතනයේ පඩිපෙළ භාවිත කරන්න. ඒ විදියට තමන් ජීවත් වන වටපිටාව අනුව තමයි මේ වැඩසටහනට සම්බන්ධ වන අයව දැනුවත් කරන්නේ. ඒ නිසයි මම කියන්නේ අපේ වැඩසටහන ප්‍රායෝගිකයි කියලා.

රොෂාන් දැන් ටෙලි නාට්‍යවලවත් වැඩිපුර දකින්න නැත්තේ මේ වගේ සමාජ සේවා වැඩ නිසාද?

මම හැමදාම රඟපෑවේ තෝරා බේරාගෙනයි. ටෙලි නාට්‍යවලට නිතර ආරාධනා ලැබුණත් මම භාරගන්නේ නැහැ. ජී. නන්දසේනගේ ටෙලි නාට්‍යයක වෙනස් විදියේ චරිතයකට ළඟදී ආරාධනාවක් ලැබුණා. ඒක සටන් පිරි ක්‍රියාදාම ගණයේ කතාවක්. ඒ වගේම සමන් පුෂ්ප ලියනගේ අධ්‍යක්ෂණය කරන අංගම්‍පොර ශිල්පය කේන්ද්‍ර කරගත් නිර්මාණයක “මල් රාළ” කියලා අංගම්‍පොර සටන් ශිල්පියකුගේ චරිතයකුත් මට ලැබුණා. ඒ දෙක විතරයි තෝරා ගත්තේ.

එතකොට චිත්‍රපට?

මගේ නවතම චිත්‍රපටය “face to face” ළඟදීම තිරගත වේවී. පළමු වතාවට මම දුෂ්ට චරිතයක් රඟපාන්නේ ඒ චිත්‍රපටයේ. ඒ කියන්නේ ළඟදීම මම දුෂ්ටයෙක් වෙනවා. හැබැයි ඒ දුෂ්ටයා සාම්ප්‍රදායික දුෂ්ටයෙක් ‍නෙවෙයි. චිත්‍රපටයේ මම ගමන බිමන ඉරියව් වගේම කටහඬ පවා වෙනස් කරලා රඟපාන්නේ.

ආදරණීය සැමියෙක් විදියටයි අපි හැමෝම ඔබ ගැන දන්නේ. ඉතින් දරු මල්ලෙක් එහෙම හදාගෙන ආදරණීය තාත්තා කෙනෙක් වෙන්න තවම අදහසක් නැද්ද?

(හිනැහී) බඳින්න කලිනුත් මගෙන් ඇහුවා කවදද බඳින්නේ කියලා. දැන් අහනවා කවදද තාත්තා කෙනෙක් වෙන්නේ කියලා. මම කවදාවත් කිසි දෙයක් මාධ්‍යයට වසන් කරන්නේ නැහැ. තාත්තා කෙනෙක් වන දාට ඒකත් කියනවා. මගේ බිරිඳයි මමයි දෙන්නම කාර්යබහුලයි. “සෙලින්කෝ ලයිෆ්”එකේ අපි දෙන්නම සන්නාම තානාපතිවරු. අපිට කරන්න තව වැඩ කිහිපයක් තියෙනවා.
ඉන් පස්සේ ආදරණීය දරු පැටියෙක් ගැනත් හිතලා බලනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!